Angel…….Sometimes
People comes in to life for a reason
මේ නැගිටලා තියෙනේ
....අන්න ඔයාගේ යාළුවා පැයක් විතර බලන් ඉදල යන්න ගියා...
කවුද ? දේවකද ?
ඔව්.ඇයි මිස් මට කතා කලේ
නැත්තේ. අපරාදේ.
දේවක සර්ම කිව්වා
ඇහැරවන්න එපා නින්ද වටිනාව කියලා.
හම්.
මම සැනින් මාගේ කොට්ටය
යට බැලුවෙමි.
yes..... මගේ අනුමානය
නිවැරදිය…..There was a small note (මම රෝහලේ ගත කල මුල්
දවස් වල මට ජංගම දුර කථනයක් නොතිබුණි. එදාම මට මගේ හොදම මිතුරියකගෙන් එකක්
ලැබුණි.)
sorry didn’t
want to wake you upShall call you after
two weeks time10. 10 pm
ජිවිතේ කියන්න
පුදුමාකාර චිත්‍රයක් ...... එක අදින්නේ කොහොමද
පාට කරන්නේ කොහොමද කියලා දැනගෙන තිබ්බනම්......මම දේවකව කවදාවත් හමු නොවෙන්න
තිබ්බා.
නැ එත් මම එයාව
හම්බවෙනව.
ඔබෙන් හදුනා ගත්
මිනිස්කම තුළින් ලොව මා දකින්නම්.......
අපි දැන හැදින ගත්තේ හරි
අපුරු වරදකින්. මාත් දේවකත් “sorry wrong number” මිතුරන් වීමු.
මම - Good evening
doctor
දේවක - Good
evening ….
මම
Doctor hope you remember me.
I’m Amanda…. you wanted me to call at this time with regard
to my surgery.
දේවක - What ??who is the doctor you want to speak to???
රිසීවරයේ එහා පැත්තෙන්
රළු හඩක් ඇසුනි.
මම - Doctor ඩිහාන් සමරනායක
දේවක- Is it. Sorry wrong number
මම සැනින් රිසිවරය
තැබුවෙමි.
දොස්තර ලියාදුන්
අංකය බැලුවෙමි ....හපොයි.... වැරදි
නොම්බරයක් නේන්නම්....දුරකථනය නැවත නාදවන්නට පටන්ගත්තේය... wrong නොම්බරේද
දන්නේනැහැ.
මම දුරකථනය ගෙන ඔහුටත්
කළින් I’m sorry. I’m sorry. It’s a mistake.
දේවක - it’s ok what was the reason you wanted to speak
to Doctor Dihan Samaranayake
මම - it’s none of your business .
ඉන් පසු විනාඩි 15ක්
විතර සුහද නොවූ ආගන්තුක වචන හුවමරුවක්.
කඩු හරබයෙන් වෙහෙසට පත්ව
සිටි මට දේවක, නංගි අපි සිංහලෙන් කතා
කරමුද කියා කඩුවෙන්ම ඇසුවා (නංගි shall
we speak in Sinhala. I’m more comfortable )
පසුකලෙක අප දෙදෙන මේ
සිදුවීම සම්බන්දයෙන් එකිනෙකාට විහිළු කර
ගත්තෙමු. ඇති තරම් සිනාසුනෙමු.(දේවක කියන විදියට එයා බය වුනාලු මම සිංහලෙන් කථා
නොකරයි කියලා)
මම දේවක ඔය?
මම අමන්දා.....
good.
මොකද good කියන්නේ... bad නම් වෙනස් කරන්නද....
අපි පළමු හැදින ගැනීමෙන්ම
හොද මිතුරන් වුනෙමු. ඔහු වුර්තියෙන්
දොස්තර කෙනෙකි.
(මට සහනයක් දැනුනි)
අමන්දා හරියටම තව සති
දෙකකින් මේ වෙලාවටම ඔයාට කතා කරන්නද?
sure wrong number
ok 10. 10 pm
ඊලග සති දෙක මට කෙතරම් දිගු වුවාදැයි දැන සිටියේ මගේ ඔෆිස් එකේ හොදම මිතුරිය කවිතා පමණි.
Angel… I want to waste
my time… Love is a waste of time
කවුද චුටි ඊයේ රැ ඔයත් එක්ක
පැයක් විතර කතා කලේ? අයියා මගෙන් ඇසුවේය.
( මම සමාන්‍යයෙන් දුරකථන
කතාබහේ යෙදුනේ කලාතුරකිනි)
මට වුන අලකලංචිය මම
අයියටත් අම්මටත් පැවසුවෙමි.
හරි නොම්බරේ වැරදුන එක
හරි පැයක් විතර කතා කලේ මොනවද ? අම්මා ඇසුවා.
(මට ඒ පැය දැනුනේ
විනාඩියක් වගේ....)
IDK ( I don’t Know ) අම්මා මගෙන් බත්
උයන්නේකොහොමද, shallow fry deep fry වල වෙනස
Cookery, Politics, Art
drama හැම දේ ගැනම ප්‍රශ්න ඇසුවා.
ආය සති දෙකකි කතා කරනම් කිව්වා....මට
එයගෙන් අහන්න ප්‍රශ්න 20ක් ලැහැස්ති
කරගන්න කිව්වා.
Maximum talk time වලට
පිස්සු දොස්ත්රකෙනෙක්
වගේ අම්මා.....
හොද දෙන්නා.... අම්මයි අයියයි හිනාවුණා.
එයා ආය කතා කරන එකක්
නැහැ සිදුවූ සියල්ල update කරන ගමන් ........මම පහුවෙනිදා
කාර්යාලයේදී කවිතට කිව්වා...
ඒ නැතත් මට එයාගේ
නම්බරේවත් නැහැ.... දොස්තරගේ නොම්බරේ අනුව
හිතන්න තමයි වෙන්නේ.
අපි දෙන්නගේ කුටු කුටුව
දවස පුරාම තිබ්බා......
අනිත් අයට වැඩිය ගානක්
වුනේ නැහැ මොකද මම පැය 3නෙ ෆිල්ම් එක පැය
හයක් add නැතිව කියන්න දක්ෂයි කියලා මට card වැදිලා තිබුනේ.
It’s always the same
when you waiting for someone…..
සති දෙකක කාලය ඉබි
ගමනින් ගෙවුනා... දේවක මට කතා කරන සෙනසුරාදා
උදාවුණා...... එත් ඉතින් රැ වෙනකන් ඉන්න එපැයි....
නිශාචරයා..
හරියටම අපේ පළමු
කතාබගෙන් සති 2කෙන්, දවස් 14න් .. එහෙමත් නැත්නම් පැය 336කින්....විනාඩි 20,160කින්....තප්පර 1,209,600කින්.... .......
(මම නෙවෙයි මේ විදියට ගනන් හදන්නේ, ඒක
දේවකගෙ පුරුද්දක් ඕන දෙයකට ඉල්ලකම් පටලව ගන්නවා)
අපේ ගෙදර දුරකථනය නාද
වුනා.
Hi wrong number
Hi Amanda…. How are
you?
Mmmm not bad living…….
ප්‍රශ්න 20ක් හදාගත්තද
මගෙන් අහන්න....
අනේ නැහැ දේවක ඔයා අහන්න ...මට හිතෙන කොට මම අහන්නම්
එදා මගෙන් මගේ ලෙඩේ ගැන
දැනගත්තු දේවක.....ඒ පිළිබද දීර්ඝව විස්තර හොයාගෙන තිබුනා.
දේවක කියන විදියට මගේ operation එක කරන එකේ වාසි ගොඩක් එයා හොයාගෙන තිබුනා
මගේ කිසිම උනන්දුවක්
තිබුණු දෙයක් නෙවෙයි මගේ රෝග තත්වය. මම මගේ වෙනස තැකීමක් කලේ නැහැ. හරි සරලයි
....මම හිතුවේ... මගේ මේ ජිවතය මේ විදියටම ගෙවල දානවා කියලා....(What’s the big deal?)
අපි දෙන්න අතර බොහෝ වාද
විවාද ඇතිවුණා.
කොහොමත් අපේ සංවාද පැය
දෙක තුනකට වඩා එහා ගියා....
අපි කතා නොකරපු මාතෘකාවක්
නැති තරම්..... වාසනාවකට අපි දේශපාලනයේදී එක පැත්තක් ගත්තා...නැත්නම් මරාගන්න
වෙන්නේ.
දේවක එක්ක කතා
කරද්දී Calculator එකක් තියාගත්තා මම, ඇයි
ගනන් හදන්න වෙනවා... මගේ පින්තුරය දැකල මට
රුපියල් 20,000ක විතර කොණ්ඩයක් තියනවලු.... I asked what???? That’s the
cost if you go to a salon to get it done.)
මහ ඇනයක් කිසිම දෙයක් ඉල්ලකන්, නැතිව කිව්වේ නැහැ......
මට හිතුනේ මොකට medicine
කලාද කියලා.... පිස්සු නැත්නම් ශෝක්....
අන්තිමට දේවක දින්නා. මම
පැරදුනා.... මගේ surgery එකට දොස්තරලා කීප දෙනෙක්ගේ opinion
ගන්න promise වුනා.
මගේ පොඩි කාලේ ඉදන්
තිබුන රෝග විනිශ්‍ය කාර්ඩ් පත් බලන්න දේවකට
ඕන වුනා.
මගේ මේ විශේෂ මිතුරා ගැන අම්මලා දන්නවා වුනත් ගෙදරට එන්න කියන එක ටිකක් විශේෂ
කේස් එකක්නේ.
මගේ පුංචි සන්දියේ පළමු
මිතුරා හැර මට කවදාවත් පිරිමි මිතුරන්
හිටියේ නැහැ.
මම සමාජය එක්ක අවම ගනුදෙනු කල කෙනෙක්.
කොල්ලෝ සීයක් ගැන විතර අම්මා එකක් කතා කරලා තිබුනත්.... කවදාවත් close male friend කෙනෙක් මට හිටියේ නැහැ.
This was my very first
encounter…….
සදුදා ඔෆිස් ගියාම මටයි කවිතටයි කුටු කුටු ගාන්න බොහෝ
දේ තිබුණා. මට හිමින් කතාවක් තිබුනෙම
නැහැ.
හරි අමාරුවෙන් කවිතට
විස්තර කලේ.....
Interruptions ගොඩයි.
කොහොමහරි දෙවෙනි දවසෙත්
මට දේවකගෙන් එයාගේ නොම්බරේ ඉල්ලගන්න අමතක වුනා.
ඔයානම් මහ
මොඩියෙක්....දැන් ඉතින් හිටපන් ආය කතා කරනකන් මට වද කරකර.....කවිතාගෙන්
බැනුම්.
මොකද්ද මේ සති දෙකේ කෝල් එක.....ඊලග සැරේ අහන්න ....
මට ප්‍රශ්න කීපයක් කවිතා
හොයල දුන්නා.....
මගේ ජිවිතේ සති දෙකින්
දෙකට .....අලුතෙන් ලියවුනා......
මම දේවකට “wrong number”
කිව්වේ PK ෆිල්ම් දකින්න අවුරුදු 10ක් කළින්...
Angel……. One in
a Million
දේවක මට එයාගේ දුරකථන නොම්බරය
දුන්නා, මම ඉල්ලන්නත් ඉස්සෙල්ල....
ගෙදර එකයි ජංගම දුරකතනයයි
දෙකම ( එයා විතරයි answer කරන්නේලු....Exclusive number)
මට දැනගන්න ඕන වුනා මේ
විස්තර හරිද කියලා.....
මම පොත් කියවලා පිස්සු
හැදිලා හිටියේ....වැඩියෙන්ම ඇට
මැස්සයි.... Sidney Sheldonගෙ පොත් නිසා
මම යන යන තැන ඇට
මැස්සට....ෆාදරේට....ජෙම්මට චරිත හෙව්වා...
Sheldon නිසා හැම දේම සැකයෙන් බැලුවා....අවස්ථා සම්බන්දය බැලුවා.... Event Sequence..
මම directry එක බලලා ඒ පැත්තේ ඒ නම තියන අය බැලුව.....දේවක කී
විදියටම ගෙයක් තිබ්බා... ඒත් number එක වෙනස්.... (අම්මටයි එයටයි line දෙකක්
තියනවා කියලා දේවක මට කියලා තිබුණා)
එහෙනම් මේක අම්මගේ
number එක.....දේවකගේ number එක directry එකේ නැහැ.
ෆිනිෂ්.... දැන් මොකද
කරන්නේ.
If there is a will there is a way….
මම telecom එකට call එකක් ගත්තා....
මට දැනගන්න පුලුවන්ද මේ number
එක රෙජිස්ටවෙලා තියන ගෙදර address එක.
මිස් අපිට එහෙම විස්තර
දෙන්න බැහැ.... මිස් ඔයා number එකට කතා කරලම අහන්න....
එහා පැත්තේ telecom
සහායක ....අනේ ඉතින් එහෙම දැනගන්න පුලුවනම් මම මෙහෙන් අහන්නේ නැහෙනේ
මම shape එකේ උත්තර
දුන්නා...... මම දේවකගේ අම්මගෙයයි සැක කල address එක සහයකට කියලා,
මට දැනගන්න ඕනේ මම කියන
number එකත් ඔය ලිපිනයට මද කියලා විතරයි.
සහායක මට ලිපිනය තහවුරු
කලා.
ඒ වැඩෙත් හරි.
දේවක imposer කෙනෙක්නම්
, MPD තියෙන මනුස්සයෙක් නම්( Multiple Personality Disorder, Sheldon පොතක තිබුණා)
මම මටම කතා කර ගත්තා...
ඒක හොයාගන්නේ කොහොමද....
දේවක නෙවෙයි මට කතා
කලේ..... මමයි මුලින් කතා කෙරුවේ
දොස්තර චරිතේ ටිකක්
රගපාන්න අමාරුයි.
පොඩි කලේ ඉදන්ම
ඉස්පිරිතාල වල ඉදල මමත් medical terams ගොඩක් දැනගෙන හිටියා.
දේවකට හොඳ දැනුමක්
තිබුණා... ( නොදන්නා මගුලක් නැහැ)
ඒ ඇරත් එයාට මගෙන් ඇති
වැඩේ මොකක්ද.....
මම ගැන හොයල update කරන්න....
මගේ සාදාරණ සැකය මම
දුරුකර ගත්තා...
දැන් අම්මට කියන්න ඕනේ.
මම පොඩිකාලේ ඉදලා උපරිම නිදහස වින්ද ළමයෙක්.....
ගෙදර මුලික වෙලයි මගේ අනිත් හැමදෙයක්ම ගොඩ නැගුණේ.. ඉතින් මට වැඩි අපහසුවකින් තොරව දේවකගේ පැමිණීම අම්මට කියන්න පුළුවන්
වුනා.
අම්මේ.....දේවක අහනවා
අපේ ගෙදර එන්නද කියලා....
මගේ diagnosis cards බලන්න ඕනෙලු.
අම්මා තාත්තට
කියනවද......
දැන් මට කියන්න ඔය දෙන්න අතර තියන සම්බන්දය මොකක්ද?
අම්මා we are
friends….simply friends
ඔන්න ඔය ළමය ආවදෙන්.... ගෙදරටනේ
එන්නේ
මගේ ආච්චි අම්මා මට සහාය
දුන්නා....
(ආච්චි අම්මා මගේ ෆිට්
එක)
ඊලග සෙනසුරාදා එනකම් මට
ඉවසිලක් නොවීය.
මම දේවකගේ number එකට
call එකක් ගත්තා දවසක
රින්ග්ස් යනවා answer කලේ නැහැ.
මට මතක් වුනා දේවක
කියනවා ඔය number එකට කතා කරලා වැඩක් නැ මම විතරයි answer කරන්නේ.
අනේ මන්ද මේ මිනිහනම් one in a million ද කොහෙද
එයා eccentric ලු....
What I like others don’t like, what others like
I don’t like
I said join the club
ඇයි මාත් එහෙමනේ...................
කවිතා විතරයි මට හිටියේ .... අපි දෙන්නගේ ඔෆිස් එක
මාර ෆන් තැනක්
අපි දෙන්නටම සින්දු
කියන්න බැහැ. එත් සින්දු වලට මැරෙන්න ආසයි..
අපි දෙන්නා අපි කැමති සින්දු hum කලා ලාවට වගේ සින්දුව
කීවා.
අපිට ඔෆිස් කට්ටිය “බඹර
ගෘප්” එකේ “අහපන් channael” එක කියලා විහිළු කලා
එකත් මේදවස්වල කොට උඩ..
අපිට වෙන මාතෘකාවක් තිබුනනේ.
ජීවිතය ගැන වැඩි
බලාපොරොත්තු ....සිහින.... ආසාවල් නොතිබුන මගේ ජීවිතය
කොල්ලෙක් වගේ වැඩ කරපු
මට ..... කොල්ලෝ සීයක් ගැන කතා කරපු මට
කවුරු හරි මගේ මුණ දිහා
බැලුවොත් “ ඇයි පෙරහැරක් යනවද කියලා
ඇහැව්ව මම්”
අන්තිමට එක කොල්ලෙක් ගැන
හිතන්න හිත බල කලා.
Get lost; he is only a friend….
සති දෙකෙන් දෙකට දේවක මට
ජීවිතය අරන් අවා.....දේවක අපේ ගෙදර එන දවස
confirm වුනා.
මම දේවක ගැන බොහෝ දැනගතු
දේවල් නොදැන සිටියෙමි.
Without
asking my name and address,
keeping customs aside,
a few steps, just a few steps,
please walk with me..
If
there is sun troubling you on any path,
I'll spread shades..
If there are darkness’s frighten you, I'll go to the sky
and adorn the sky with moon..
If there is sadness coming over, I'll tell you jokes,
and make you laugh..
Laughing and making the other laugh, humming like that,
we'll walk these four steps..
If
one finds a partner like you,
who would be afraid of the world,
what's four steps, I'll walk with you
for entire life..
PK
Angel……. I just can’t believe my own eyes….
දේවක කියන්නේ මගේ
ජීවිතේට ආපු සුවිශේෂම අමුත්තා.....
මම වෙනස් වෙනවා කියලා
මටම දෙනුනා..... මම ඒ වෙනසට බයයි.....
ලෝකය මම දැක්කේ පෙරහැරක් විදියට.....මම ඒ පෙරහරේ හිටියේ
නැහැ....
එළියේ ඉදන් බලන කෙනාට
තමයි හරියටම එකේ ලස්‌සන අවලස්සන දකින්න පුළුවන්.
මාත් ඒ විදියට මගේ
දෘෂ්ටි පථයෙන් ලෝකය දිහා බලලා මගේ නිගමන වල හිටියා.
මගේ වයසේ තරුණියකට
අදාලවන බොහෝ දේ මට අදාල වුනේ නැහැ....කෙටියෙන් කිවුවොත් මම අදාල කර ගත්තේ නැහැ.
මගේ ජීවිතය හරිම සරලව
ගලා ගියා...
I was a very content woman but I knew my happiness was in jeopardy….
ජීවිතය මට මොන දේ අහිමි
කලත්..... මම මට කල හැකිවූ සෑම දෙයකින්ම
ජය ගත් කෙනෙක්......
පරාජයක් මම අත් විදලා
තිබුනෙම නැ.... I was outstanding….with my work….
මට ආත්ම විශ්වාසය නොමැති
දේවල් මම බොහොම සතුටෙන් අත හැරිය....
පසු තැවෙන කාරණා තිබුනෙම නැහැ.
මගේ හදවත දේවකගේ පැමිණීම
බලාපොරොත්තු වුනත් මගේ හිත.... නොසන්සුන්වුනා....
When it comes to guys, no
nonsense චරිතයක් වුන මම ඇයි
දේවකට ලන්වුනේ...
මටම හිතාගන්න
බැරිවුණා.....
දේවක මගේ සිහින
කුමරා...කියන්න කොහෙත්ම බැහැ.... මොකද මගේ සිහින වල කුමරෙක් හිටියේ නැහැ...
මේ මම පළමුවෙන්ම
හදුනාගත් කෙනා නිසාද?
මට මගේ ලෙඩේ දේවක එක්ක
ප්‍රශ්නයක් වුනේ නැහැ.... එයා මට වඩා එකේ
අවාසි දැනගෙන හිටියා.
මගේ complications එක්ක ජිවිතේ
නොර්මල් කරගන්න එයා මාර්ග හොයනවා.
දවසක් මගේ bank balance අහල මට නීති ගොඩක් දැම්මා... මට saving habit එක කියලා දුන්නේ දේවක.
මම බොහෝ දේවල් ඉගෙන
ගත්තා..... කාල කලමනාකරණය..... Body
Mass Index ….. Health Tips…………. Limb lengthening
මාළු ඇතිකරන විදිය....
එයා වත්තේ හදපු ලොකු පොකුණ.
ඔයාට කවද හරි දවසක මේවා වැදගත් වෙයි.
හම්ම්ම් කියලා විතරයි
මගේ උත්තරේ වුනේ.
අපේ කතා පැය දෙකකට තුනකට
එහා ගියා. අපි දවසක් පැය හයක් එක දිගට කතා කලා.....උවමනාවෙන් කතාව නතර කලේ නැත්නම් එළි වෙනකම් හරි අපි කතා කරයි.
අපිට ඕනෑතරම් මාතෘකා
තිබුණා.
දේවක වැඩ කල රෝහල් වල
විස්තර.... එයාගේ සයිකල් සවාරි (තනියම ලංකාවේ වටේ යන පුරුද්දක් තිබුණා)
හැම තොරතුරක්ම දින
වකවානු වලින් හැමදෙයක්ම ඉලක්කන් වලින්
....ඒක තමයි මම ආසම දේ.
පලවෙනි සහ අවසන් වරට
බීලා එයාගේ SIR කෙනෙකුට බැනපු විදිය....
රුබෙල්ලා ගැන සම්මන්ත්‍රණයකට
අපේ ඉස්කෝලෙට ආපු එක.....ඒක තිබුනේ අපේ
කාලේ.
පොඩි කාලේ මගේ ඉස්කෝලේ
ඉගෙන ගත්ත විදිය......
He became the person that I respected most….
I was a smart lady…. but he outwitted me.
මටම මගේ හිත තේරුම් ගන්න අපහසු වුනා. (More I liked him more I got confused)
මොන විදියට මම මගේ හිතත්
එක්ක ගැටුනත් මම දේවකගේ call එක එනකම්
බලන් හිටියා
පහු වෙනිදට මගේ ආච්චි අම්මත් අහනවා අර ළමයා කතා කලාද ළමයෝ?
මට බයයි ( this friendship haunted me)
දේවකට ඕනවුනා එයා එන
දවසට මට cooking... කරන්න.... එයා
ඉන්නකොටම
මම අපෝ බැහැ කියලා ශේප්
වුනා. It’s not practical.....මේ විකාර කරන්න ගියොත්
අම්මල මොනවා හිතයිද?
මම pudding එකක් හදල
තියනම්..
හා.....
I really didn’t know what life was offering
me…. But I knew I can’t turn
back….. It was not his problem it’s my
issue….. Ok I will get ready for my surgery ….he will be with me as promised
මම නැවත මගේ අම්මට
....අපි අතර මිත්‍රත්වයක් හැර කිසි දෙයක් නොමැති බව පැහැදිලි කලා.
මට ඒ අය ගැන බය හිතුනා.... මගේ ජීවිතය මගේ පවුල හා පුදුමාකාරව බැදී තිබුණා......ඒ අයටනම් දුකක් දෙන්න බැහැ.
මට වගකීමක් දැනුන....
දේවක කිව්ව දවසෙම ඒ වෙලාවටම අපේ ගෙදර අවා.
දේවක නෙවෙයි ආවේ ......
බලාපොරොත්තු ගොඩක්...... මගේ පැත්තෙන්.......
Angel……. Some Relationships cannot be named
අපේ ප්‍රථම හමුවීම හරිම
සොඳුරු හමුවීමක්.
දේවකව අපේ ගෙදර හැමෝම welcome කලා.....
සුහද කතාබහ ....ආගිය
තොරතුරු...... මගේ diagnosis cards, මගේ ෆොටෝස්
දේවක බැලුවා.
අම්ම තාත්තා එක්ක ගොඩ
කාලෙකින් දන්න කෙනෙක් වගේ හරිම සුහදව කතා කලා.
මමම හදන්නම් කියලා
පොරොන්දු වුන පුඩින් එක කන ගමන් A to Z
අහගත්තා හදන හැටි ( sure එකටම ඕන වුනේ මමද
හැඩුවේ කියලා දැනගන්න) දේවක දන්නවා මම එයා කියන
දේ අහන් ඉදලා හාත් කියලා, මම මට ඕනදේ කරන
the most stubborn චරිතයක් විත්තිය.
මම විනාඩියට වචන 25ක් කතා කරනවානම් දේවක
කතා කලේ වචන 10යි....
එක හොද ලක්ෂනයක්ලු මිනිස්සු වයසට යද්දී හොදම communication method එක වෙන්නේ කතාවලු
දේවකගේ compatibility check list එකේ එක සාධකයක්.
මගේ අයියයි එයයි දෙන්නම
ගියේ එකම ඉස්කෝලෙට ඉතින් ඒ දෙන්නටත් විස්තර තිබුණා කතා කරන්න.
I was so happy about this union….. Cause my
family is my everything…….
මාගේ ලෙඩේ පිළිබද සියලු
වාර්තා තාත්තා එකතු කරගෙන් තිබුනේ.... මගෙ ඉපදෙනකොට බර සදහන් කරලා තිබුණ කොළයත්
එතන තිබුණා
අම්මා විහිලුවට තාත්තාට
කියන්නේ මගේ දැවැද්ද එකතු කරනවා කියලා.
හැමදේම දේවක හොදින්
නිරීක්ෂණය කලා.....
එදා තේ බීලා ගොඩක් හැන්දෑවෙලා තමයි දේවක ආපහු ගියේ.
ගෙදර ගියා ගමන් මට call
කරලා කිව්වා රැට කතා කරනම් කියලා
එදත් සෙනසුරාදා දවසක්
.... Time was due for our usual
chit chat.
වෙනදා හරියටම 10යි
10ය වෙනකොට මට call කරන කෙනා 10. 30ට වත් ring කරේ නැහැ.
මම දුරකථනය ළගට වෙලා
බලන් හිටියා .....
I didn’t know what to do if he didn’t
call…..but I made myself clear, I will not call…
ගෙදර ඔක්කොම නින්දට
ගිහිල්ලා....එකත් හොදට ගියා..... මට පුදුම
අසරණ කමක් දෙනුනා.
I felt the pain of bondages
ඔරලෝසුවේ කටුව ටික් ටික්
ගාන සද්දය ඇසෙන තරම් නිහඩයි.
හඬවන්න
මා රළ බිදුන සයුර සේ......
රිදවන්න
මා පෙති සිඳීන කුසුම සේ.....
ඉවසන්න
බැහැනේ මුනිවත ඔබේ.......
මම දුරකථනය ගාවම ඔලුව
තියාගෙන ඉන්නකොට හරියටම 11. 20 වගේ මම හිතන්නේ දේවක call කරා.
OMG ....
hello wrong number....
Hi sorry අමා .... එදා ඉදන් දේවක මට කතා කලේ අමා
කියලා...
UK ඉදල මගේ ක්ලාස් මෙට් කෙනෙක් කතා කලා මිනිහා එක්ක කතා කරනකොට
ඔයාගේ time එකත් පාස් වුනා.
හෙට කතා කරනත් හදල ඔයා
බලන් ඇති කියලා කතා කලේ....
(“බලන් ඇති” ග්‍ර්ර්ර්ර්ර් the
most worst waiting of my life මම හිතින් හිතුවා)
මම හිතුවා ඔයාට මාත්
එක්ක තව දුරටත් කතා කරන්න අවශ්‍ය නැතුව ඇති කියලා......මම පැමිණිලි ස්වරුපයෙන්
දේවකට කිව්වා.
ඊට පස්සේ අපි අපේ
සුපුරුදු කතාවට වැටුනා.... සුපුරුදු කතා බහ කියන්නත් බැහැ ඒක
මම first time in my life පිරිමි කෙනෙක් මාව
වර්ණනා කරනවා බොහොම අපහසුවෙන් අහන් හිටියා.
I was blushing …and he knew it….
He liked my dead straight hip length Jet black
hair
My skin
colour….
I said stop…. Enough.
I was no
good for any man….. (It was deep seated in my mind)
දේවක ගැන මම මොනවද
හිතන්නේ කියලා ඒ ගමන ... අහනවා.
මම දන්නේ නැහැ.... මම
බ්ලෑන්ක්.... I like you. That’s it.
මගේ ෆැමිලි එකේ විදියට
දේවක ගොඩක් කැමති වුනා,
එයාගේ ෆැමිලි එකේ එහෙම
නැහැ කියලා පලවෙනි වතාවට දේවක එයාගේ පවුලේ විස්තර කියන්න ගත්තා.
මම කවදාවත් විස්තර
ඇහුවෙත් නැ. අර telecom සිද්දියෙන් පස්සේ මගේ detective role එක මම අත ඇරිය දේවක
සම්බන්දයෙන්...
I believed every word he said… and I had
reasons to believe.
එයාට මට වගේම අයියා
කෙනෙක් හිටියට age gap එකක් තිබුණා නිසා ගොඩක් දුරස්වෙලා හැදුනේ
තාත්තා දේවක පොඩි කාලෙම
නැති වෙලා..... අම්මයි එයයි අතරත්
ලොකු සුහද කමක් තිබිලා නැහැ
දේවක ගොඩක් තනියෙන්
හැදිලා තියෙන්නේ....
එයා ගොඩක් දක්ෂයි... A/L
වලට එයාගේ ඉස්කෝලෙන් best results තිබුණා තුන් දෙනාගෙන් එක් කෙනෙක් BIO වලින්.
අපි දෙන්නා කතා කරගත්තා
දොස්තර හම්බවෙන්න.....
මම මුලින්ම doctor
ඩිහාන් සමරනායක ගාවටම යන්නම්...
දේවක මමත් එන්නද ....
කියලා ඇසුවා....
මම ok අම්මගෙන් අහන්න
ඕනේ කියලා කිව්වා .... දේවක පස්සේ දවසක
කිව්වා මම ok කියන්න තත්පර 35ක් ගත්තලු.
(ඒ වගේ ගනන් හදන්න තමයි
එයා දන්නේ)
මම පොඩි දවසේ ඉදන්
දොස්තර ගාවට ගියේ තාත්තා එක්ක.... තාත්තට මොනවා හිතෙයිද?
I was dad’s daughter and later became moms
friend)
කවදාවත් ආපහු surgery කරන්නේ නැහැ කියලා හිතාගෙන් හිටපු මම ඒ ආසම නැති process එකට නිකම්ම කැමති වුනා.
මමයි දෙවකයි අතර මොන
විදිහේ relationship එකක්ද තියෙන්න කියලා මට
හිතා ගන්න බැරිවුණා.
YES WE ARE FRIENDS
BUT WE HAVE A BONDAGE BEYOND THAT
BUT WE ARE NOT LOVERS
WE NEVER EXPRESSED
AND WE NEVER SPOKE ABOUT MARRIAGE
IT WAS COMPLICATED
SO WE HAD A RELATIONSHIP WHERE I COULDN’T NAME
මම තීරණය කලා රිස්ක්
එකක් ගන්න මගේ උපරිමය කරන්න..... මගේ ඔපරේෂන් එක කරන්න
මම දිනත් පැරදුනත්..... Nothing like trying
ජිවිතේ පළමු වතාවට මම මගෙන් පරදින්න තිබුණු බය
නැති කරගත්තා
( I simply deleted the fear of failure button
from my system)
Angel………… High Risk High Return
and there was a man behind the screen
දේවක මට call කරන්න
පරක්කු වුනා කියලා අම්මා දැනගෙන...
මම අම්මට දේවකගෙ
යෝජනාව කිව්වා..... ඔයාට ok නම් කමක් නැහැ
දොස්තර ගාවටනෙ යන්නේ...
මම් අහගෙන අම්මා තාත්තට කියනවා....තාත්තාගෙ නම්
වැඩි කැමැත්තක් තිබුනේ නැහැ.
අම්මා ok හින්දා වැඩේ ශේප්....
මටත් හිතේ පොඩි චකිතයක්
තිබ්බා..... මම කවදත් දොස්තර ගාවට ගියේ අකමැත්තෙන්...
Some man is taking over my dad’s role… it’s a
matter of confidence
දේවකට පුළුවන් දවසක්
බලලා මම දොස්තර ඩිහාන් සමරනායක චැනල් කලා....බදාදා හවසක්....
මගේ ජානමය ප්‍රශ්නයක්
නිසා විටමින් D ඇගෙන් අවසෝශණය කරේ නැහැ. ඇගේ කැල්සියම් අවශෝශණට විටමින් D active
form එකෙන් තියෙන්න ඕනේ. මේ හේතු දෙක නිසා මගේ අස්ථි බොහොම දුර්වලයි.
මම ඉපදෙනකොට සාමාන්‍ය
බබෙක් වුනත්....ඇවිදින්න ගත්තම කකුල් දෙකම ඇදවුනා.... දන්නා දවසේ ඉදන් මට තිබුනේ
රෝහල් ජිවිතයක්......
මට තිබුණා රෝග තත්වය
නිසාම මගේ කකුල් පොඩිකාලේ දොස්තර හැදුවේ
නැහැ.
මම දැනගෙන හිටියා මම
අනිත් අයට වඩා වෙනස් කියලා එත් මට එක හිතට වද දුන්නේ නැහැ.
මම හැම දේකදිම ඉදිරියෙන්
හිටියා.... මට ඒ වෙනස දැනුනේ ගොඩක් අඩුවෙන්. ඒ වෙනසට මම පුරුදු වුනා.
I knew I was looking different…. But I was a
different character too.
What others think of me was not my problem
type…….
I had my own way of living and I was very much
comfortable with that…
කාටවත්ම බැරිවුණා මගේ
සිතුවිලි වලට බලපෑම් කරන්න...
මම තනි ගහ තනි කරලා වගේ
ජීවත් වුනා.
මට මතයි මම පොඩිම කාලේ
අර කවුරුත් අහන ප්‍රශ්නෙට මම දුන්න උත්තර....
ළමයි කියන්න බලන්න ලොකු
වුනාම කවුරු වෙන්නද කැමති?....
මම එක එක සැරේට එක එක
ඒවා කිව්වා....
මට දැනුනේ ඒක හරි funny
ප්‍රශ්නයක් වගේ....
මම අහිංසක ළමයෙක්නම්
නෙවෙයි... ටොම්බෝයි කෙනෙක්ගෙ ලක්ෂණ මට තිබුණා....
ගෙදර වෙන ඕනෙම අවුලකට
මුලින්ම අහුවෙන ජාතියේ හරිම අහිංසක මුණක් මට තිබුණා.
My
mischievous girl … and It’s not the word…. කියලා තමයි මගේ සීයා කියන්නේ
මම කුඩා කාලයේ ගියේ මිශ්‍ර
පාසලකට.... මිස් නැති වෙලාවට මට පන්තිය
බලාගන්න දීලා ගියොත් කාටවත් මම් හම්ම්
කියන්න දුන්නේ නැහැ....
වෙන කාටහරි දුන්න දවසට මිස්ට පැමිණිලි ගොඩයි ....
මට මුලින්ම කොල්ලෙක්
ලියුමක් දුන්නේ වයස 14දි විතර...අපේ ගෙවල් ගාව හිටිය අයියා කෙනෙක්ගෙන්.....ලියුම
තැපෑලෙන් අවේ ..
මම කෙලින්ම ගිහින්
දුන්නා අම්මට... අම්මා තමයි කියවලා.... ඒ අයියගේ අම්මට කිව්වේ....
How dare you? වගේ සිතුවිල්ලක් මට තිබුනේ....
මගේ ජිවිතේ සරල රේඛාවක්
වගේ ගලා ගියා.... වැඩි හැලහැප්පීම් තිබුණේ
නැහැ.
මම ඉස්කෝලෙදි වැටුනේ
දක්ෂයි කියන ළමයි ගොඩට....
මගේ විද්‍යා මිස් කියන්නේ මම අවාරේට පොල් වැටෙනවා වගේලු
ඉස්කෝලේ එන්නේ..
එකට මගේ අසනීපෙත් බල
පැවා.... කම්මේලි කමත් තිබුණා....
සිංහල .... සමාජ අධ්‍යනය....
බුද්ධාගම ....චිත්‍ර..... Double
period දෙකක්වත් තියන දවස් මම
ඉස්කෝලේ ගියේ නැහැ....
එත් මගේ Exam
Marks අඩුවුණේ නැහැ... එක වාරයක් අඩු වුනොත් මම ඊලග
වාරේ අනිවාර්යයෙන්ම ලකුණු ගත්තා....
ඉස්කෝලේ ගිය දවසට අහන්
හිටිය දෙයක් තමයි.... පාඩම් කරන පුරුදක් මට තිබුනෙම නැහැ.
ඉංග්‍රීසි දිනය( recitation) ....සිංහල සාහිත්‍ය දිනය (කියවීම කථික) තරඟ වලට මම ඉදිරිපත්
වුනා. දින්නා.... මොනදේ වුනත් පාසලෙන් පස්සේ ඉන්න වෙනවනම් මම හිටියේ නැහැ.
මම දැනගෙන හිටියා මගේ
සීමාව..... මට වැඩිය stamina තිබුනේ නැහැ.... තාත්තට කරදර කරනත් බැහැ.
මම හිතන්නේ මම නටන්න
වගේම රඟපාන්නත් දක්ෂයි..... එක ඉංග්‍රීසි දිනයකට
මම “ Oliver Twist” වලට පිටපත ලිව්වා
.... එකේ ඔලිවර් ගෙ චරිතෙට තේරුණු ළමයට මම
ඒ චරිතේ කරන විදිය කියලා දෙනවා දැක්ක මිස්
Why don’t you do that role කියලා අන්තිමට මාව
ඔලිවර්ට තෝරගත්තා.... ඒ නාට්‍ය ඉංගිසි දිනයේදී හිට් එකක් වුනා.
OL අන්තිම අවුරුද්දේ නම් අතිරේක පන්ති තුනකට ගියා .... ඒ තුන ඇරෙන්න අනිත්
විෂයන් වලට මට විශිෂ්ට සමාර්ථ තිබුණා.
හැබැයි TV එකේ ගිය එක
හින්දි ෆිල්ම් එකවත් මම මිස් කලේ නැහැ....
දිල්තෝ පාගල්හේ දිල් දිවනාහේ........
මගේ ඉස්කෝලේ කාන්තා
පාසලක් ඉතින් ඔක්කොම වගේ හිටියේ කාන්තා ගුරුවරු....
AL logic
වලට Sir කෙනෙක් අවා (logic මගේ විෂයක් නොවෙයි)...... මම මගේ
පන්තියෙන් වැඩිය එලියට යන්නේ නැහැ.....ළමයි හැමෝම Sirව වර්ණනා කරනවා.....
දැන් Sir බලනත් ඕනේ....දවසක් Econ මිස් පරක්කු වුනා
පන්තියට එන්න.... මගේ හොදම යාලුවත් එක්ක අනිත් ළමයින්ටත් කියලා මම ගියා බලන්න....
ටික දුරයි යන්න ලැබුනේ
Econ මිස්.....කොහෙද යන්නේ කියලා ඇසුවා....
මම ගත් කටටම කිව්වා library එකට යනවා කියලා...... Library එකට මේ පැත්තෙන්..... ????? මිස් අහනවා.....
ඇත්තටම ඒ පැත්තෙන්
Library එකට යන්න බැහැ.....
shit.... වතුර බොන්න
යනවා මම ආය බොරුවක් කිව්වා...ඒගමන නම් මිස් ඔරවලා බැලුවා....මොකද අපිගිය පැත්තෙන් වතුර බොන පැත්තට ගොඩක් දුරයි....
මිස්ට තේරුණා මගේ
බොරුව... හ්ම්ම් යන්න යන්න පන්තියට, එයාගේ පිටිපස්සෙන් අපි දෙනත් අවා
මුළු පන්තියම හිනාවෙන්න
ගත්තා....අපිටත් හිනා...එත් මිස්ට හේතුව කියන්න බැහැ....
පස්සේ හිමිට පාඩමට mood fix කර ගත්තා....
මට logic sirව බලන්න බැරි වුනා......
AL වලට මම ඉස්කෝලේ ගියේ බොහොම ටික කාලයයි.... මම ඉස්කෝලේ යන්නේ නැතිව ගම්පහ
class ගියා.
අන්තිම වාර විභගේ ලකුණු
හොද නිසා යන්තම් ඉස්කෝලෙන් exam එකට ලිව්වා...
exams are made for me….
කියලා තමයි මම හැමදාම
හිතුවේ...
මොනදේ පාඩම් නොකර ගියත්
මම පාස් වුනා.... මට campus යන්න තිබුනත්
මම ඒ වෙනුවට රැකියාවක් තොර ගත්තා.
I really wanted to give a financial support to
my parents….
I did accounting exams ….. An audit firm and the present job….
ඔෆිස් එකෙත් මම වැටුනේ
Fun තැනකට මට කවිතා සෙට් වුනේ
එතනදී.... කවිතා හරි අහිංසකයි...ඕන කෙනෙක් කියනදේ ඒ විදියටම පිළිගන්නවා....ඊට
පස්සේ හිත රිදව ගන්නවා..... මම තමයි එයාගේ හොදම උපදේශක වුනේ.
මගේ බොස් කියන විදියට මාව එතනට දැම්මේ මම batch top වුන නිසා professional
exams ටික ඉක්මනට ඉවර
කරගන්නලු... මගේ outgoing ගතිය රැකියාවෙදිත් මම පෙනුම් කලා....
මගේ රැකියාව මාව තවත්
නිදහස් ගැහැනියක් කලා..... I…had a free mind to its maximum
I knew I have stepped in to the correct place….
I never compared myself with others so I lived a very very peaceful life.
මගේ සියාගෙ අසනීපය ...එහා
බැදුණු සිදුවීම්... මරණය ...මම මගෙන්ම
ඉගෙනගත් දේවල්, නිසා මම ඒ වෙනකොට මගේ ආගම පිළිබද දැඩි උනන්දුවකින් හිටියේ....
ජීවිතය කියන්නේ මොකද්ද
කියන එක මම මගෙන්ම ඉගෙන ගත්තා....
ඊට පස්සේ තමයි දරුණුම
යුද්ධය පටන් ගත්තේ....
අම්මයි මමයි අතර...... .
විවාහය.... අම්මා yes ... මම no.....
ඒ අතරේ තමයි මට මේ wrong
number එක හම්බවුනේ....
දේවක මට කිව්වා දොස්තරගෙන් .... කාරණා දෙකක් අහන්න
කියලා...
එකක් මගේ කකුල් දෙක
කෙලින් කරන්න...
අනිත් එක කකුල් දෙක දික්
කරන්න.... ( limb lengthening. It’s
a cosmetic surgery in developed countries)
මගේ ලෙඩේ අනුව දෙවනි එක
ටිකක් complicated …high risk….
එත් සියලු වගකීම්
මම බාරගෙන දේවකව හැම දෙකින්ම නිදහස් කරලා
මම
ඒක කරනවා කියලා තීරණය
කරගෙන හිටියේ.
It was
my life my body…. If something goes
wrong I will face it alone…
I told him….. You are free….
ඉතින් අපි දෙන්නා දොස්තර ගාවට ගියා...
දේවක මුලින් පැත්තකට
වෙලා හිටියා... (That was my request)
My doctor said I’m asking too many things…
But he responded to me… he
offered me a good package
ඊට පස්සේ දේවකයි
දොස්තරයි අතර සංවාද බොහොමයක් තිබුණා… එක හරිම අපුරුයි... මම පැත්කට වෙලා බලන් හිටියා. අහන
දේකට විතරක් උත්තර දුන්නා....
අන්තිමට මගේ නිවාඩු ප්‍රශ්න
...මගේ තියන ලෙඩේ ඔක්කොම සලකලා
කකුල් දෙකම එකසැරේ කරන දොස්තර කැමති වුනා.
මං වෙනුවෙන් අවශ්‍ය
උපකරණ ලෑස්ති කරන්න මගෙන් කාලයක් ඉල්ලුවා...
I was
ready to buy it… but doctor said it’s costly.
Once again told me to call him once in two weeks and this time he told
Devaka to call….and get the date for me for my hospitalization once the
instruments are ready..
දොස්තර ඉවෙන් දැනුනද දන්නේ නැහැ මේ සැරේ මම තවත් wrong
number....එකකට කතා කරයි කියලා
දේවක එනගමන් මට විහිළු
කරා.... එකලු වැඩේ එයාට පැවරුවේ..
දැන් සති දෙකෙන් දෙකට
දේවකට රාජකාරි දෙකයි.... දොස්තරට කතා කරනවා .... දොස්තර කියන්න ඕනේ මට ඉස්පිරිතාලේ
එන්න දවස අර උපකරණ ලැහැස්තිනම්....
ඊට පස්සේ දේවක මට කතා
කරනවා.... අපේ සුපුරුදු කතා බහ
මම මට කරගන්න දුන් සියලු
පරීක්ෂණ තනියම කර ගත්තා..... දේවකටවත් අඩුම ගානේ මගේ තාත්තාට වත් කරදර කලේ නැහැ...
මම මට අවශ්‍ය
මුදල් එකතු කරා .... හැම අතින්ම ලැහැස්ති වුනා
මට පුදුම ශක්තියක් හිතට
දැනුන....
පළමු වරට මම ජීවිතය ගැන සුබවාදීව බැලුවා.....
I was so excited and got ready in every
possible way with hundred percent confidence ….
There
was a man behind the screen…..
Angel……. Can I block my thoughts
ගේ කාලය ඉක්මනින් යන
බවක් මට දැනුනා......
මට කරන්න වැඩ ගොඩක්
තිබුණා.....
ඒ අතර අපේ සුපුරුදු
කතාබහ ගලා ගියා...
දොස්තරට කතා කරලා මාව
update කලා...
අපි රණ්ඩු කරන්නත් ඉගෙන ගත්තා.
දේවකට ඕන වෙලා තිබුණා
මගේ weight එක 5kg වත් අඩුකර ගන්න..
Surgery එකෙන් පස්සේ සැහෙන කාලයක් එකතැන ඉන්න වෙන නිසා.... weight gain එක අඩු කරගන්න
මට sweets කන එක අඩු
කරගන්න ..... ව්‍යායාම කරන්න උපදෙස් ලැබුණ wrong number ගෙන්
මම තරහා ගියාම දේවකට
wrong number කියනවා
මම සති දෙකේ සමාලෝචනය
දෙනකොට ඉස්සෙල්ලම බැනල ඉන්නවා...
මාත් නිකන් හිටියේ
නැහැ....මාත් ඉතින් බනිනවා....
දවසක් මගෙන් අහනවා එයාව බැන්දොත් රෙදි හෝදලා දෙන්න
පුලුවන්ද කියලා
ඇත්තටම මම ටික වෙලාවක්
නිශ්බ්දව හිටියා.... මම 25 seconds නිශ්බ්දව හිටියලු
මටත් එක මතකයි, මම
අමාරුවෙන් හා කියලා washing machine
තියෙන්නේ එකට තමයි කියලා
හොදට රණ්ඩු වුනා...
පිරිමි මුලික කරගත් සමාජක් නොවෙයි දැන්
තියෙනේ කියලා...
සියල්ල අවසන් වූ පසු
දේවක කියනවා.... “අමා රණ්ඩුවෙලා ආපහු යාලු වෙන්න පුළුවන් එකත් plus point එකක්”
අනේ මේ plus negative කියලා මම එකටත් කොක්කක් දාගත්තා...
මගේ සමහර ගතිගුණ වලට
දේවක කැමති වුනේම නැහැ.
මට තිබුණා හැමතිස්සෙම අත
හෝදන පුරුද්දක්....මම එකට හොදට අහගත්තා උදාහරණ ඇතිව...
(ඒක පිස්සුවක් දක්වා
යන්න පුළුවන්ලු)
මම කැරපොත්තාට බයයි කිව්වම ඒක කැරපොත්තෝ 100ක් විතර ඇඟට දැම්මම හරි යනවලු.
අපි phobia ගැන කතාවුනා..... Phobia
තියන අයව decentralize කරන්න එයා දන්නවලු
(ඒ මට හින්ට් එකක්)
අපි ඇතිතරම් රණ්ඩු වුනා....
ඒ වගේම ඇති තරම් හිනත් වුනා...
පිස්සු කතා වලට....
දේවක ඉස්පිරිතාලේ වෙන
කතා මට කියනවා... surgery කරන ලෙඩාට
ඇදුමක් දෙනවනේ අදින්න
ඒක insurance policy එකක් වගේලු.... මට හේතුවට කියනවා
You think you are fully covered but actually you are half covered
එයා ලෙඩෙකුට එහෙම කියලා ....
ඒ ඇදුම ඇදගෙන ඇවිදින්න හදපු කෙනෙක්ට
මට මැරෙන්න හිනා.......
(ඇඟේ බාගයක් පේනවනේ)
ඔය අතර දේවක off road cycling කරනත් පටන් ගත්තා.
එක මාර interesting …. මට කවර් කරපු
තැන් වැටුණු ඒවා ඔක්කොම කියනවා
(මාත් ගියා වාගේ තමයි
දිග පළල, උස,වෙලාව සියල්ල)
එයාගේ exam එකටත් පාඩම් කරා...
බැරිම දෙයකට මිසක් මම
දේවකට call එකකින් වත් කරදර කලේ නැහැ
එයා කිව්වොත් විතරයි ...
call කරේ….
දේවකයි මමයි හොඳ යාලුවෝ
විදියට හිටියට අපේ විවාහය අපේ parner කව්රු වෙයිද කියලත් කතාවුනා
මම ගත කටටම කිවේ මම
බදින්නේ නැහැ කියලා...
එයානම් බදිනවාලු කෙට්ටු
පුංචි ලස්‌සන කෙල්ලෙක්ව දිග කොණ්ඩයක් තියන
මාත් ඉතින් ජය වේවා කියල
පොරොන්දු වුනා
එහෙම කෙනෙක්ව හොයල
දෙන්න...
විවාහය කියන්නේ එක්ව
හිටියා කාලයෙන් සාර්ථකත්වය මනින්න බැරි
සතුටින් හිටිය කාලයෙන් අනුව සාර්ථකත්වය මැනිය යුතු දෙයක්....විදියට දේවක දැක්කේ , මාත් ඒකට එකඟ වුනා. කෙනෙක් සමග
අවුරුද්ක් සතුටින් සිටීම තව කෙනෙක් සමග අවුරුදු 10 පීඩනයෙන් ඉන්නවට වඩා වටිනවලු.
මට දරුවෙක් හදන්න පුළුවන්ලු එත් ඒ අවධානම ගන්නවට වඩා
නොහදන එක හොදයි.
මම දේවකට කිව්වේ ඒවා මට
අදාල නැති subject කියලා.....
මම දේවකගෙන් ලබාගත් දේවල් බොහොමයි.....
ගැහැණු ළමයෙක් විදියට පොඩ්ඩක්
හරි මම හිතන්න ගත්තේ දේවක නිසා...
(කවිතා තමයි මට ඒවා
කියලා දුන්නේ.... “අමා කැත්තට පොල්ලවගේ
ඉන්න එපා.....පිරිමි එහෙම කෙල්ලන්ට ආස නැහැ...”. )
කවිතා අපි දෙන්නා ගැන
හැම දෙයක්ම දැන ගෙන හිටියා.... දේවක ඒක
දන්නවා...
ඒ වෙනකොට මම කණේ කරාබු
දෙකක්වත් දැම්මේ නැති.... නික්කම්ම නිකන් ගෑණු ළමයෙක්
මම ඒක දැක්කේ ගෝත්‍රික
ලක්ෂණයක් විදියට...
කවදාවත් iron
කරලා ඇඳුමක් ඇන්දේ
නැහැ....
මට ඔෆිස් එකේ යාලුවෙක්
හිටියා හැමදාම jokes share කරන
මම ඒවා දේවකට කියනවා....
මට jokes කියන්නේ boy කෙනෙක් කියලා දැනගතම එයාට jokes ඕනේ නැහැලු
(මට jokes 1000 තියන පොතක් පස්සේ කාලෙක ගෙනත් දුන්නා)
මගෙයි කවිතගේ ඔෆිස් crushes ගෙන මම දේවකට කියනවා....අපිට හිටියා අපි kuch kuch කියලා නම දාගත්තු crush
එකක් ....
මම ඒවා ගැනත් දේවකට කියනවා.....
ඔක්කොම අහගෙන ඉදල
මොනවහරි negative comment එකක් දෙනවා.
මම පැහැදිළි ඉරිසියාව
කියලා විහිළු කරනවා...
හැබැයි මටත් return එක
එනවා....
ලස්‌සන නර්ස්ලා.... Lady doctors… ලෙඩ්ඩු විදියට ආව කෙල්ලන් ගෙන
කියන කතා එමටයි.....
මාත් ඉතින් අහගෙන ඉන්නවා....
දේවකට girl friend කෙනෙක් හිටියේ නැහැලු... හැබැයි faculty එකේ අක්කලා දෙන්නේක්ටම crush එකක් තිබුනලු.
දේවක සම්බන්දයෙන් මම මගේ සිතුවිලි වලට ඉඩ දුන්නෙම නැහැ....
සතුට ගෙනෙන දේම දුකත්
ගේන විදිය මම සංයමයෙන් බලන් හිටියා....
මම ඒ නිසා දෙකම
උපේක්ෂාවෙන් දරාගන්න පුරුදු වුනා....මගේ දේවකට තියන අසීමිත කැමැත්ත මම පෙන්නුවේ
එකම එක විදියටයි...
ඒ “එහෙනම් අදට ඇති කියන වෙලාවට” ...තව පොඩ්ඩක්
කතා කරමු කියලා මම හැමදාම request කලා
ඒ පොඩි වෙලාව සමහරවිට තව
පැයක් දක්වා දික් වුනා...
I couldn’t guess about the end of our
relationship but I knew I can’t lose him…
But I made myself clear unless if he asked? …….
What if not?
I didn’t know the answer I just let my life to
flow…
(I was in the breakeven point …no loss no
profit)
ඒ අස්සේ පිරිවැය ගණකාධිකරණයත් මතක් වුනා......
Is darkness that reminds me of you?
No I remember you in broad daylight too…
Is sunrise bringing you in to my mind?
No even sunset bringing you to my mind
Is moon that talk to me of you?
No even stars talk to me of you.
Is busyness teaching me to be like you?
No even leisure teaching me to be like you.
Is it only happiness invades me?
No even sadness creeps in to me.
Is that you who makes me complete?
No you make me empty too.
Is it you?
Yes it’s you…..
ඉස්කෝලෙදි “ Death” ගැන කවියක් ලිව්වට
පස්සේ
ප්‍රථම වතාවට ඔහු නමින්.........
=======================================================================
Angel……. I just wanna be
close to you….you are the one
Hi wrong number
Hi අමා
එදා දේවක කතාකරේ දොස්තරගෙ
සුබ ආරංචියත් සමග
ඔයාට එයාව හබවෙන්න කිව්වා NH (NATIONAL HOSPITAL) ඇවිල්ල බදාදා හරි බ්‍රහස්පතින්ද හරි
wow.....
දේවක මට වෝර්ඩ් එකේනම් ඉන්න බැහැ.... I need my privacy
(මේක අපි දෙන්න රණ්ඩු වුන මාතෘකාවක්. දේවක කියන්නේ වෝර්ඩ් එකේ ඉන්නලු එකේ specialized staff ඉන්න නිසා )
ඔයාට මොකද ඔයා නෙවෙයි නෙ ඉන්නේ.....මම ඒක doctor
ඩිහාන් එක්ක බලාගනම්.
ඔව් ඔව් doctor ඩිහාන්
ඔයාට ෆුල් support කරනවා.... He is
going out of the way for you
මගේ වාසනාව..... දොස්ත්රලගේ බැල්ම තියනවා.....
( ඇත්තටම මට ඒක තිබුණා
ජිවිතේ පුරාවටම)
දේවක දොස්තර කෙනෙක්
වුනාට ඒ වගේ වැඩ කරපු කෙනෙක් නෙවෙයි....
ඉන්නේ එකේ ඉදන් 100ට වත් ගනනින් බැරි මනුස්සයෙක් වගේ මාර cool...
wooooow he is cute…. කියලා අපි මැරෙන්න යන
ලස්සනක් දේවකට තිබුනේ නැහැ.
He was fair….small in
stature but had a distinguish look.... චුට්ටක් මගේ අයියා වගේ
(I really liked that
look)
එයාගේ රෝහලේ දොස්තරලා
කාර් පාර්ක් කරණ තැන දේවක ගිහින් එයාගේ racing bike එක පාර්ක් කලා.
මොකද එයා උදෙන්ම cycling
කරලා එයාගේ on call රූම් එකට ගිහින් තමයි
වෝර්ඩ් හරි clinik හරිගියේ...
මට හිනා යනවා අමා
පෙට්රෝල් පුච්චගෙන පැයක් විතර ට්‍රැෆික් එකේ ඉදල gym යන මිනිස්සු දැක්කම
ජිවිතේ නිකන්ම සංකීර්ණ
කරගෙන..... ජිවිතේ විදින්න ඕන කාලය විඳවනවා...
දේවක සමහර දේවල් දැක්කේ
ඔය විදිහට.....
මමත් ඒ දේවල් නිකම්ම ආරෝපණය වුනා.
මම දොස්තර ඩිහාන්
සමරනායක ජාතික රෝහලේදී හම්බවුනා. මට දෙසැම්බර් පළමු වෙනිදා එයාගේ වෝර්ඩ් එකේ
ඇඩ්මිට් වෙන්න කිව්වත් මම දොස්තරට මගේ යෝජනාව දැම්මා.....
මගේ වෝර්ඩ් එකේ හොදම
හොදයි මොකටද එහෙ යන්නේ කියලා....දොස්තර මට
ජාතික රෝහලේ class one room එකකට දෙසැම්බර් පළමුද
ඇඩ්මිට් වෙන්න ලියුම දුන්නා..... ☺
මට මාර සැනසිලක් දැනුනේ ...මම බයෙන් හිටියා කාරණයක්....දේවකගේනම් මට ඒ
වැඩේට කිසිම උදව්වක් ලැබෙනේ නැහැ ....කියලා මම දැනගෙන හිටියා.
ඒ වෙනකොට මම හැම අතින්ම ලෑස්තිවෙලා හිටියේ.... හරියට ට්‍රිප් එකක් යන්නවගේ
සැහැල්ලුවෙන්,
ඔෆිස් එකෙන් මට මාස හයක් නිවාඩු අනුමත වුනා...ඊට වඩා ඕන වුනොත් no pay
leave යන්න අනුමැතිය ලැබුණා.
මම සියලු විස්තර දේවකට කියන ගමන්..... මම මගේ ජීවිතය පිළිබද සියලු වගකීම්
වලින් දේවක නිදහස් බව එයාට කිව්වා.....
I told him that this decision was taken by me for my
own betterment…. If the outcome is good or bad better or worse I will free him
from all the responsibilities…..
මට තාවකාලික සමුගැනීමක් වගේ හිතට දැනුනා.....
මම තාත්තා එක්ක ගිහින් වෝර්ඩ් වුනා.... මට රූම් number 6 හම්බවුනේ ...මගේ
number එක.
දෙසැම්බර් 3න මගෙ සැත්කම කරනවා කියලා දොස්තර උපදෙස් දීලා තිබුණා.
දේවක මට කළින් ඉදන්ම කියල තිබුනේ සිහි නැති කරන්න දෙන්න එපා. ඔයා
හිරිව්ට්ටලා කරන්න කියලා ඉල්ලන්න
Ama request for Local anesthesia but not General… he
said spinal / local anesthesia it’s called by epidural.
මාත් එකට ගොඩක් කැමැත්තෙන් හිටියේ... මොකද මම දැකල තියන General
දීලා සැත්කම් කරලා Recovery රූම් එකේ ඉන්න රෝගීන්.... සමහර අයට තමන්ගේ ඇඳුම් තියෙන්නේ කොහොමද
කියලවත් දන්නේ නැහැ.
Epidural anesthesia දුන්නම රෝගියාට සම්පුර්ණ
සිහිය තියනවා.... දැනීම Sensation එක විතරයි නැති වෙන්නේ.
I was very much comfortable with that.
මම හරිම අසාවෙන් ඒ අවදානමට සුදානම් වුනා.
මට බින්දුවක්වත් බය දැනුනේ නැහැ. ( I was hundred percent confident)
එකේ ඇතුලේ වෙනම සංස්කෘතියක්....
අනු ලක්ෂණ විදියට මම සාමාන්‍ය මිනිසුන්ගේ ස්වාභයත් මම එතනදී දැක්කා... මම
හිටියේ හැම දෙයක් ගැනම පුර්ණ අවධානයෙන් මගේ වාරය එන තුරු.
Waiting room එකේදී මාවත් තව පොඩි ළමයෙක්වත් මුලින්ම ඇතුලට ගත්තා...
Will finish kids’ first කියලා තමයි මාවයි අර
පොඩි ලමයවයි ඇතුලට ගත්තේ.
මට හිනායනත් ආවා...මට අවුරුදු 26දි මාව ළමයෙක් විදියට ශල්‍යාගාරයේ දොස්තර දැක්කේ...
මට එතනදී වෙනම ඇඳුමක් අදින්න දුන්නා....
අර පුංචිම ළමයින්ට අන්දවන
පිටිපස්සෙන් open ඇඳුම.
මට දේවකව මතක් වුනා. you think you are fully covered.... Stretcher එකක නිසා අවුලක් නැහැ
මම anesthetist ගෙන් epidural
දෙන්න කියලා ඉල්ලා හිටියා...
Young lady! (එයට මගේ විස්තර දැනගෙන
හිටියා නැත්නම් එයත් කියයි you kid කියලා)
I’m more than
happy to give you epidural anesthesia since your surgery will take more than
three hours…. It gives less complications….but it will be a typical වඩු මඩුව.... are
you ready to face that…. And I have to ask “Sir” he
referred to doctor Dihan.
That very moment Doctor appeared and when he heard my
request he taped me and said” you brave girl”.
මාව තියටර් ටේබල් එකට ගත්තා.... මමට ඉස්සරහ පෙන්නේ නැති විදියට screen එකක්
දැම්මා...
මට බලන්න ඕනවුනා....අනිත් දොස්තරලා, දොස්තර ඩිහාන්ට හරි බයයි... මට කිව්වා
ඔයාම අහන්න කියලා
මාත් ඇහැව්වා.... අම්මෝ මට හිතුනා ඇහැව්ව මෝඩකම කියලා මං දිහා ඔරවලා
බැලුවා.
Theater room එකේ අඳින ඇඳුම් නිසා හැමෝමවෙන් වෙනව අදුරගන්න
අමාරුයි....
එත් මගේ ඇස්දෙක සුපුරුදු මූණක් ගාව නැවතුනා.
Oh My God …..I
got the shock of my life. ඒ වෙලේ අර E C G
මොනිටර් එකේ මොනවා වැටුනද දන්නේ නැහැ.
දේවක මගේ ගාව.....
මම මනසින් වැටිලා හිටියේ නැහැ ඒත් ඒ වෙලාවේ දේවකව දැක්කම මට හිතුනේ මම
...මෙතරම් වෙලාවක් හිටියේ කියාගන්න බැරි අඩුවකින් කියලා...
මට මැරුණත් සතුටින් මැරෙන්න පුළුවන් තරම් සතුටක් හිතේ තිබුණා..
දේවක දිගටම මගේ ගාව හිටියා....
ඇණ ගහන සද්ද..ග්රිල් කරන සද්ද ඇහෙනකොට එයා හිතන්නේ මම බය වෙනවා කියලා....
එතකොට එයා මගේ අත අල්ලන් ඉන්න ග්රිප් (grip) එක වැඩි කරනවා...මට බය
වෙන්න එපා කියන්න.
එතකොට මම ඇස් දෙකෙන් කියනවා නැහැ කියලා....
මට doctor ඩිහාන්ගේ කන්නාඩි දෙක දිහා බැලුවම යාන්තම් කරන දේ පේනවා... ඒත්
මම බැලුවේ නැහැ...
මම දේවක දිහා බලාගෙන හිටියා.
එතන කතා නොකරන දෙයක් නැහැ.... දේවක කළින් දවසක මට කියලා තියනවා.... සමහර
වෙලාවට දොස්තරලට රෝගියාට දීලා තියෙන්නේ Local anesthesia, ඒ නිසා සිහිය තියනවා කියලත් අමතක වෙනවලු.
සමහර කතාවලට අපි දෙනාටම හොදටම හිනා....
පැය තුනහ මාරක්....ගත වෙනවා මට දැනුනෙවත් නැහැ...
ඒක හරියට ඇස් ඇරගෙනම දැක්ක සුන්දර
සිහිනයක් වගේ.
අනේ මට ඒ මොහොත ආය මවන්න පුලුවනම්.....
හන්තාන
සෙවණේ
රතු
මල් විමානේ
මොහොතක්
රැදී ඉන්න සුවසේ
අපි
දෙන්නා නෑ පිං කළේ
Angel……. I
got knocked out ….but I got up again
ශල්‍යාගාරය තුළදීම අපි
දෙන්නා දොස්තර ඩිහාන්ට ස්තුති කළෙමු....
Thanks a million Doctor ….
This is just the start…. Long way to go….
දොස්තර හිනාවෙලා
කිව්වා.....
මම සිනහා මුහුනින්ම
එළියට අවා....
තාත්තා , ලොකු
අම්මා....මගෙ පුංචි අම්මා සහ එයාගේ පුතා ( ජපුර ෛවද ශිෂ්‍යයෙක්)... තව මගේ අක්කා
වෙන කෙනෙක් එළියේ මම එනකම් බලන් හිටියා...
ඒ අයට මගේ මුණ දැක්කම
සියලු බය නැති වුනාලු....
දේවක මගේ තාත්තා එක්ක කතාකරලා
.... මටත් කියලා ගියා....
මගේ අම්මා ...ආච්චි
අම්මා ගෙදර ඉදන් පිරිත් කියන්න ඇති .... අයියා නම් වැඩට යන්න ඇති.
ඒ ගියත් සැරින් සැරේ
අම්මගෙන් විස්තර දැන ගන්න ඇති....
අර කිව්වා වගේ බොහොම හොද
සිහියෙන් මම මගේ කාමරයට අවා....
මාව ඇඳ උඩින් තියනවත්
මතකයි....
ඊලග පැය 48 පිළීබද මගේ මතකය නිරවුල් නැහැ.
Sedatives වලට පින්සිද්ද වෙන්න.
මුල් දවස් දෙකේ ලොකු
අම්මා මගේ ගාව හිටියා.... ඊට පස්සේ උදේ ඉදන් හවස් වෙනකන් ඉන්න මට home nursing එකකින් හෙදියක් මගේ අයියා හොයලා දුන්නා.
හැන්දෑවට ලොකු අම්මා අවා..... හෙදිය හිටියට මගේ වැඩ
ඔක්කොම් කලේ මගේ ලොකු අම්මා....එයාට තමයි මම වද දුන්නේ...
හෙදියට තිබුනේ ගොඩක්
වෙලාවට මගේ ගාව ඉන්න විතරයි තනියට.... ( I didn’t like her way of doing things )
දැනුණු වේදනවා ගැන
කියන්න දෙයක් නැහැ. ඒක මම විඳ ගත්තා..
මගේ කකල් දෙකේ ඇදය
එහෙම්ම තිබ්බා.... ඒ වෙනුවට ඇණ හතර ගානේ කකුල් දෙකට ඇණ
අටක් knee
එකේ ඉදල යටට මගේ bone එකට fix වෙලා ...ඒ ඇණ
උඩින් අඩි රුලක් වගේ බටයකට ( දිග
මිලි මීටර වලින් සදහන්ව ඇති) සම්බන්ධ කරලා.
Actually
I was partly crucified…. exactly for a year….
සතියක් විතර මට වේදනා
නාශකත් ප්‍රතිජීවක ඖෂධ ලැබුණ....එත් අර ඇණ
අට සම්බන්ද වෙලා තියෙන තැන් අවුරුද්ද
පුරාම අලුත් තුවාල විදියටම තිබුණා.
මට දොස්තරගෙන් උපදෙස්
ලැබුණ දවසකට මිලි මීටර එකක් අර බටය කරකවන්න
එකට විශේෂ උපකරණයක්
තිබුණා.... තාත්තා එකට ඇලන් කී කියලා කිව්වේ....අර වාහන වල ඇණ
ගලවන L හැඩයේ tool ඒක... ( The process of limb
lengthening)
මට සංසාරේ එපා
වුනා... හැමදාම මම ඒක කරන්න ඕනේ...මම ඒක
කාටවත් කරන්න දුන්නේ නැහැ
මමම කරා.... ඒක පුදුම
වේදනාවක් ...එක කරාම මුළු දවසම රිදෙනවා.... මට හිතුණා doctor ඩිහාන්ට කියන්න මටනම්
බැ මේ අට්ටාලේ ගලවන්න කියයන්න...
මම හොදටම වැටිලා හිටියේ
....මට දේවකත් අමතක වුනා....
දේවක මගේ විස්තර අම්මගේ
අහගෙන තිබුණා. මම හොදටම down කියලා අම්මා දේවකට කියලා
පස්වෙනි දවසේ විතර දේවක
මාව බලන්න අවා...
ඒ එනකොට moral building quotes පොතක් අරන් අවා...
මගේ සියලු complainඅහන් ඉඳල ....
මට action plan එකක් දුන්නා...
bone එක කරකවන්න පැයකට
කළින් thick milk වීදුරුවක් බිලා වේදනා නාශක පෙති දෙකක් ගන්න කිව්වා
ඊට පස්සේ පැයකට පස්සේ
කරකවන් කියල කිව්වා.. (මාස තුනක් මම ඒ විදිය අනුගමනය කලා)
මාත් එකක් ගොඩක් වෙලා
කතා කරලා මට කියන්න බැරිතරම් ශක්තියක් දීලා මගේ තාත්තා වගේ ඔලුව අතගාල
දේවක එදා ගියා....
From that day onwards
he embraced me whenever he leaves and it lasted for minute or two … …. My heart
felt he was mine…but brain said no he is only a friend.
Believe me his action plan worked…. මම මාස තුනක් එක දිගට limb lengthening කලා
මටත් දන්නෙම නැතිව මගේ
කකුල් දෙක කෙලින් වුනා....
මම ඊට පස්සේ වේදනාව ගැන
ආය කවදාවත් කතා කරේ නැහැ.
වේදනාව නොදෙනුනා
නොවේ.... මට දරාගන්න ශක්තිය තිබුණා. දරාගන්න පුළුවන් සීමාවක තිබුණා.
ඊටත් වඩා ජිවිතේ ගැන
බලාපොරොත්තු නොතිබුණ මට බලාපොරොත්තුවක් ඇති වුනා. ඒ බලාපොරොත්තුව මගේ
සියලු වේදනා යටපත් කරා.
දේවක ඇවිල්ල මම නිදි
නිසා ආපහු ගියා දවසේ මට ෆෝන් එකක් යාලුවෙක් ගෙනත් දුන්නා...එදා ඉදන් දේවක හැමදාම
පොඩි call එකක් හරි දුන්නා.
මම දවස් 30ක් ඒ රූම් එකේ
හිටියා ... 2003 දෙසැම්බර් 31 මමයි ලොකු අම්මයි ගත කලේ ඒ රූම් එකේ...අපි රිදී රැයක් බලන ගමන්.... මුළු
කොළඹ නගරයේ ගිනිකෙළි සංදර්ශන බැලුවා .... බැල්කනියේ ඉදන්
මගේ ඔෆික් යාලුවෝ
මාරුවෙන් මාරුවට අවා.... කවිතා මට ගොඩක් දවසට දවල්ට බත් එක එව්වා.... class one meal එකත් හොදයි.... ඒක ගොඩක් වෙලාවට මගේ ගාව හිටියා නර්ස්ට
දුන්නා
තෑගිත් හම්බවුනා මලුත්
හම්බවුනා.....
ගෙදර අයට, ලොකු අම්මට
නම් නිවනක් තිබේ නැහැ.... අම්මා මට හැමදාම මොනවහරි එවනවා...
අම්මා ගෙදර ඉදන් හැමදේම
කලා..එයාගේ අසනීප නිසා එයා ගමන් ගියේ නැති තරම් ...ඒත් මාව බලන්න අවා.
තාත්තා උදේ හවස ආවා. එන්න එපා කිව්වත් එනවා.
අම්මා මගේ ආහාර ඇදුම් අනිත් අඩුපාඩු
තාත්තා අතේ එවනවා. (ඒක ලේසි යුද්දයක්
නෙවෙයි)
මම ජනවාරි 5 ගෙදර
ආවා.... අර අට්ටාලේ ගලවලා මාව ගෙදර එවයි කියලා කිවත් දොස්ටර ඩිහාන් එතනදිත් මට
විශේෂ සැළකිලක් දක්වලා ලක්ෂයේ ඇපයත් නැතුවම
අට්ටාලේ පිටින්ම ගෙදර එව්වා.
වචනයෙන් කියන්න බැරි
තරමට මම දුක් වින්දා.... Physiotherapist මාව නොමැරුව විතරයි..
එයා ඇවිල්ලා ගියාට පස්සේ
අර තුවාල ආපහු අලුත් වෙනවා....
මට තිබුනේ එකම එක විදියට
ඉන්න. ඉදගන්න පුළුවන්.... හැරෙන්න
බැහැ....
ඒත් physio මට දනිස් නමන්න පවා උපදෙස් දුන්නා ... ( it was tormenting )
ටික ටික කකුල උසන්න
තනියම.... මට වෙනම කාල සටහනක් ඒකට තිබුණා දින පතාම.
මම ඒවා කලේ නැතනම් මගේ
කකුල් දෙකේ bone එක හැදෙන්නේ නැහැ….
මගේ ලෙඩේ හැටියට healing is the issue කියලා කියනවා මම අහලා තිබුණා.
I was in
a do or die situation.
දින සති මාස ගනන් ගෙවිලා
ගියා..... මම කොහොම ඉවසුවද කියලා මමම දන්නේ නැහැ.
හැම මාසෙම doctor ඩිහාන් මගේ X
ray එක බලලා red light ...අට්ටාලේ ගලවන්නෙත් නැහැ.
දේවකගෙනුත් මට ස්වල්ප
කරදරයක් නෙවෙයි තිබුනේ...
මම එයාගේ උපදෙස් අහලා මට
ඕනදේ කරනවා...
හැමතිස්සෙම mobilize වෙන්න කියලා රණ්ඩු.... wheel chair එකෙන් හැමතැනම
යන්නලු....
ඇණ එක්ක මට තියන අමාරුව
මම තමයි දන්නේ.... ඒවා එහෙ මෙහෙ වෙයි කියලා මට බයයි....
ව්සබීජයක් bone එකට
ගියොත් මට අවුරුදු ගනන් ඉන්න වෙයි කියලා බයයි.. (bone infections are very difficult to cure)
මට හරි නින්ද ගියේම නැති තරම්.... මුළු රෑම
ඇහැරලා....
දේවක මට call කරා ඒත්
අපි long conversations වලට ගියේ නැහැ.
මගේ surgery එක කරනකොට
එන්න කියලා doctor ඩිහාන් තමයි දේවකට කියලා තියෙන්නේ...
මම එපා කියයි කියලා මට
කිව්වේ නැහැලු..
“ promise of a new day” කියලා ලස්‌සන මල්, හංසයෝ ඉන්න විලක් කොට්ට උර දෙකක් මම
මාහැව්වා
දේවක මාව බලන්න ගෙදර
අවා.... ඒ ආවහම ගොඩක් වෙලා හිටියා.. අර කොට්ට උර දෙක මම එයාට දුන්නා....
මම එහෙම වැඩක් හරි කරපු
එකට සන්තෝස වුනා...
දේවකයි මමයි ආදරවන්තයෝ
නෙවෙයි....
Hi love…. Darling…. Sweet heart කියලා ආමන්ත්‍රණය කලේ
නැහැ අපි....
මම දේවකට ආදරය කලා....
ඒත් මම වචනයකින්වත් ප්‍රකාශ කලේ නැහැ..
මට දේවක මගේ කියන්න
අයිතියක් නැහැ කියලමයි මට හිතුනේ...
ඒක අසාධාරණයි කියලා මට
හිතුනා ...
All is fair in love and war කියලා Shakespeare
කියලා තිබුනට....මම එහෙම
හිතුවේ නැහැ..
මට දේවක මොනවා මං ගැන
හිතනවද හිතන්න අමාරුවුනා.... මං ගැන මට
වඩා උනන්දුවක් එයාට තිබුණා..
නිකන් කෙල්ලක්... එක්ක
කාලය මරණ කොල්ලෙක් නෙවයි දේවක.... අනිත් එක මාත් එක්ක දැක්ක දවසේ ඉදන් මගේ ලෙඩේ
ගැන උනන්දු වුනේ....
මම දේවක ගැන හිතනකොට
දෙලොවක් අතර අතරමං වුනා...
වසන්තයේ
මල් පොකුරු නෙළා
ඔබ
මා දෝතට ගෙනෙන තුරා
මඟ
බලමින් මා සිටියා
සොඳුරු
වසන්තේ ගෙවෙන තුරා
He loves me. He loves me not…. මලක පෙතිවත් කඩන්න
තිබුනනම්...
මම ගෙදර හිටියේ මගේ
කාමරේ නෙවෙයි... ඒක උඩ නිසා හිටියේ ආච්චි
අම්මගේ කාමරේ....
Once while he was talking to me, he took my
hand and touched…. It was not like in the operating theater … it was a different feeling…. Kind of
romantic…. Unfortunately my grand ma came and quick as a flash he left my hand.
That was a very sweet memory I have about him…
unless the sweet embrace he was giving to me before each departure……
I was touched by an Angel…..
Angel……. From in an Out Side I Turn to Water
එළිය අඳුර ...රැය දවාල.....වෙන් කරල වැඩක් නැති තරමට මම මාස දහයක් මම ඇඳට වුනා.
මාසයක් ගානේ මම doctor
ඩිහාන්ව බලන්න ගියා .... x ray බලලා එකම
උත්තරේ....
Meet me next month….. I can’t take the risk of
giving full weight to your legs
(he was scared my legs will get twisted again)
Doctor ඩිහාන්ට.... පස්සේ පස්සේ මාව දකිද්දිත් upset....
ඒත් doctor ඩිහාන්ට තේරුණා මගේ ඉවසීම ගොඩක් වැඩිබව.....
එයා ඒක තාත්තට කියලා තිබුණා....
මාස දහයකට පස්සේ අර
අට්ටාලය පිටින්ම මට ඇවිදින්න කිව්වා....
මුල්ම දවසේ physio මාව
ඇදෙන් බැස්සුවම මට කලන්තේ දැම්මා.....
පස්සේ දවසක බොහොම හෙමින් මුලින් හිටගෙන ඉදල මම walker එකත්
එක්ක ඇවිදින්න ගත්තා .
මම ඇවිදලා ඉවරවෙලා
හැමදාම බැලුවා මගේ කකුල් ඇදද කියලා.....මටත් බය තිබුණා හිතේ.
2004 නොවෙම්බර් මාසේ මගේ වම් කකුලේ එකත් දෙසැම්බර් දකුණු කකුලේ එකත් ගැලෙව්වා.
අර ඇණ අට නිකන්ම doctor ගලවලා දැම්මා... අනුකම්පා විරහිතව....
ඊට පස්සේ හිනා වෙලා
කිව්වා.... Now you can change your
wardrobe…he was so happy about his surgery. අවුරුදු 26ක් දිගම දිග ඇදුම් ඇන්ද මම ඊට පස්සේ තමයි
ඩෙනිම් ....ෂෝර්ට් ස්කර්ට් අදින්න ගත්තේ....
මගේ තිබුණු උසට වඩා අඟල්
තුනහ මාරක් උස වැඩි වුනා... මට ඒ උස හොදටම දැනුන..... මගේ ඇස් මට්ටමෙන් උඩ තිබුණු
සමහර දේවල් මට පෙනෙන්න ගත්තා.
මේ හැම දෙයක්ම ලබාගන්න හරියටම අවුරුදක් මම
ඇණත් එක්ක හිටියා...2004 දෙසැම්බර් 26
සුනාමිය එනකොට මම යන්තම් අත්වාරු
වලින් ඇවිදිනවා. ගාල්ලේ පැත්තේ හිටියනම්
මම dead and gone.
දේවකයි මමයි සුපුරුදු විදියටම කාලය ගත කලා. ඒ අතර තුර දෙසැරයක් දේවක මාව බලන්න අවා
දේවක මට කිව්ව පලවෙනි බොරුව මට ඒ අතරේ අහුවුණා.
එයා off road cycling කරන්න ගිහින් වැටිලා රෝහලේ ඉදලා ....මට මුකුත් නොවුන වගේ
හිටියේ එත් මම දැනගත්තා එයාට වචන පැටලිලා... (
off road cycling නවත්වන්න කියලා මම
බල කලා... දේවක හා කියලා පොරොන්දු වුනා)
මම මගේ cousin brother ට කිව්වා දේවකව බලන්න
... මොකද එතකොට එයා දේවකගේ රෝහලට යනවා ප්‍රැක්ටිකල් වලට....
දේවකව මීට් වුන මගේ සහෝදරයා කිව්වා
“Akki
he is a real
gentleman ”.
I felt proud. I thought the love I feel
is not for a cheap quality man.
මට දෙවෙනි බොරුව අහුවුණේ
ගොඩක් කාලෙකට පස්සේ....
දේවක තුන්වෙනි වතාවට මාව
බලන්න එනකොට, එයා එයාගේ විදිය ගොඩක් වෙනස් කරගෙන තිබුණා.කොන්ඩේ තට්ටේ ගලා (it was in fashion) ....cap එකක් දාල white T and the blue denim.
My favorite combination.
මට පුදුමත් හිතුනා....
වැඩිය බාහිර අලංකාරය ගැන හිතුව කෙනෙක්
නෙවෙයි දේවක....
He was so cute…යන්තම් cap එක ගලවල හැඩ බැලුවා.... ඉක්මනටම එයා cap එක
ආපහු දාගත්තා.... බැරිවෙලාවත් ගැලෙව්වේ නැහැ....
මම 2005 ජනවාරි වැඩට
ගියා... අත්වාරු එක්ක..
මගේ වෙනස ගැන ගොඩක් අය
සතුටු වුනා.... ගෙදර අය මගේ ළගම නෑදෑයෝ ගැන කියන්න අවශ්‍ය නැහැ....මාත් එක්ක
ලගින්ම හිටියා අය. හැමෝම හිටියේ සතුටින්
එත් අළු යට ගිණි වගේ මගේ
හිතේ දේවක හිටියා...
මම ඔෆිස් යනකොට කවිතත් මාරුවෙලා ගිහින් ගොඩක් අය. මට කවිතව මාරෙට මිස් වූනා. මට ඒ
වගේ යාලුවෙක් ආය හමුවුණේ නැහැ...
හිටියේ පොඩි නංගිලා
මල්ලිලා ටිකක්. අපරාදේ කියන්න බැහැ හැමෝම මාව බලා ගත්තා.
හැමදේම හොදින්
සිදුවුණා..... මට රැකියාවන් උසස්වීම් ....ස්ථාන මාරුවක් ගෙවල් ගාවටම.... ඒ අතර මම
ගෙයකුත් ගත්තා.
මම මගේ ජීවිතේටම
බලපොරෝතුවක් ඇති කරගත්තානම්, ජිවිතේ වගේ අයිති කරගන්න පැතුව දේවක, මම ඇවිදිනව වත්
බලන්න අවේ නැහැ.
මම දේවකට කවදත් කරදර
කරපු කෙල්ලෙක් නෙවයි....අපි දෙන්නා වැඩි කථා බහකින් තොරවම , සමහරවිට දකිනෙත්
නැතුව, අපිව තේරුම් ගත්තා...
දේවකට මම එන්න කියලා
කීවා ...ඒත් එයාට මොකක්හරි අකමැත්තක් තියනවා
කියලා මට තේරුණා....
මම දේවකව මගේ ලෝකෙට
බලෙන් ඇදල...ගත්තේ නැහැ..... එයා හිමින් මගේ හිත ආක්‍රමණය කළේ.
කවදාවත් මට බලාපොරොත්තු
දෙන වචන එයා කිව්වේ නැහැ.... අපි ආදරය ගැන කතා කලෙත් නැහැ.
ආදරය කරණ දෙන්නෙක් වගේ
හැසිරුනෙත් නැහැ.
එත් අපි දෙන්නා අතර
බැදීමක් තිබුණා..... ඒ බැදීමට අපි දෙන්නටම නමක් හොයාගන බැරිවුණා.
මම වෙලාවකට මගේ හිතත්
එක්ක තර්ක කලා.... දේවකට මම රෝගියෙක් වෙන්නැති....
එයා මට දක්වපු විශේෂත්වය මම වැරදියට දකින්න ඇති.
මගේ බාහිරෙන් වුනු වෙනස
විදින්න බැරි තරමට මම ඇතුලතින් කඩා වැටුනා....
අපි දෙන්නා කතා කලත් අපි
අතර තිබුන intimacy අඩු බව මට තේරුණා.
හැමදේම මගේ වාසියට වුනු
බව ඇත්ත.... එත් මටත් හදවතක් තිබුණා
...මමත් සාමාන්‍ය කෙල්ලෙක් විදියට හිතන්න දේවක නිසා පුරුදු වෙලා . මට දැනුනේ
අමාරුවෙන් මාත් එක්ක කන්දක් මුදුනට නගින්න උදව් කල කෙනා මුදුනේදී.... මාව අත හැරලා
ගියා වගේ.
දේවකගෙන් ඉගෙන ගත්ත
ගොඩක් දේවල් මට මගේ අලුත් ඔෆිස් එකේදී අවශ්‍ය වුනා.... මම එතන කාර්ය බහුල කමට
ඔරොත්තු දුන්නේ ඒ ලැබුණු පන්නරයෙන්.
මගේ කඩාවැටීමට ගොඩක්
හේතු වුනේ මට ආදරය කරන අය මම නිසා බලාපොරොත්තු ඇතිකරගෙන් හිටිය එක ගැන. මම මගේ අයට
ගොඩක් ආදරේ කලා .... ඒ අය දුක් වෙන එක මට දරන්න බැහැ.
අම්මා මගෙන් වචනයක්
බලාපොරොත්තු වෙනවා....
මම වින්ද ශාරීරික
වේදනාවට වඩා දහස් ගුණයකින් මම මනසින්
වේදනා වින්දා.....
ශාරීරික වේදනවානම්
උපරිමයකට ආවහම ඊට එහා යන්න දෙයක් නැහැ....එත් මගේ හිත එක එන්න එන්නම ආතුර වුනා....
මගේ වෙනස ගෙදරින් වසන් කරන්න මම ඊට වඩා අමාරුයි....
දේවක මාව බලන්න ආපු අන්තිම දවස, මට මේ සින්දුව අහද්දී මතක් වෙනවා.... ඇත්තටම ඔහු මගෙන් සමු ගත්තේ
එලෙසයි..... එත් ඒ අවසාන හමුවීම කියලා මම
දැනගෙන හිතියේත් නැහැ..... දේවකව මම
ඊටපස්සේ මාව බලන්න ගෙදර ආවේ නැහැ.
මා හිස
පිරිමැද නැවත නොඑන්නට ........
ඔබ
වෙන් වී ගිය දා.....
සටහන්
නැත මැකිලා.......
ඒ
නික්මන් ගමනේ......
මගෙ
ජීවිතයම ඔබෙන් සැදුනු බව......
එදිනයි
මට දැනුනේ........
එතරම්
අසරණ වී .......
නෑ
කිසි දින තනි වී........
කිසි
ලෙසකින් හෝ වටහා දෙනු බෑ..........
සෙනෙහස
දෙවිකමකී........
ඒ
දෙවිකම හැගුනේ.......
ඔබ
යළි ආ දිනයේ.......
අපි දෙන්නා අතර සීතල
යුධයක් තිබුණා.... එත් දේවක කතා කර දවසට.... මුකුත් නැහැ වගේ අපි ආගිය තොරතුරු කතා
කලා.....
මට මගේ හැගීම් වචනයෙන්
ප්‍රකාශ කරන්න බැරිවුණා.
අමන්දා
සමරනායක......ජිවිතේ ප්‍රථම වතාවට දේවක වික්‍රමසිංහට
ලියුමක් ලිව්වා.....
Accept
me as I am or walk away……
Angel……. Now or Never
මහා
මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි
වැලි
කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ.........
මහා
සයුර ලෙස මා හිතුවේ
පෙණ
බුබුළක් සේ ඔබ දුටු දේ
විසල්
දෙරණ ලෙස මා දුටු දේ
පිනි
කඳුළක් මෙනි ඔබ හිතුවේ.......
සඳ
මඬලක් සේ මා දුටු දේ
ගිනි
පුපුරක් මෙනි ඔබ දුටුවේ
ජීවිතය
ම ලෙස මා පැතු දේ
එක්
මොහොතක් විය ඔබ හමුවේ..........
මා දේවකට ලියු ලිපියෙහි
ආමන්ත්‍රණයක් නොවීය..... කිසිදු නමක්ද මම සදහන් නොකලෙමි. බැරිවෙලාවත් දේවකගේ අම්මා
ලිපිය විවුර්ත කළහොත් දේවක ගැලවෙන්න විදියක් තිබිය යුතුය...
මා එය ඉංග්‍රීසි බසින්
ලීවෙමි...... අදහස් ප්‍රකාශ කිරීමෙහිලා එය මට මහත් පහසුවකි... ඉංග්‍රීසි දන්නා කමට
නොව
සිංහලෙන් ලියන වචනයන්ගේ
වැඩි බරක් මට කවදත් දැනුනි.... ඉංග්‍රීසි නම් ඔහේ
කියා දැමිය හැක. (impact is light)
I love you කියලා කියන එක පහසුයි ...එත් මම ඔයාට ආදරෙයි කියන්න
අමාරුයි... මට භාෂා දෙකේ දැනෙන වෙනසක් ඒක.
දේවකගෙ හිත රිද්දන්න මම
අකමැතිය. එහෙත් මට මෙය නොකර බැරිය.
මම මේ ලියුම ලියන්නේ ඔබ
සමග කතා කරන විට මට කිසිදින මේවා වචන වලට පෙරලිය නොහැකි නිසා...
ඔබත් මාත් හමුවීමට සිතා
සිටි දෙදෙනෙකු නොවෙමු...
එහෙත් අප හමු
වුනෙමු..... එයට හේතු තිබ්බුනා හෝ නැතා හෝ එය ඉරණමේ ලියවී තිබෙන්නට ඇත.
ඔබ නිසා මා බොහෝ වෙනස්
වූ බව දන්නවා ඇතයි සිතමි....නොදැනුනම් එය මගේ අවාසනාවකි.
වැඩි කතා බහකින් තොරවම
අපි අප දෙදෙනා හදුනා ගත්තෙමු....
ඔබත් මාත් මිතුරු කමෙන්
ඔබ්බට කිසිදා නොගියෙමු... හැමදාමත් ඉන් එහා නොයන්න පරිස්සම් වුනෙමු
පොරොන්දු වලින්ද බැදී
නොසිටියෙමු.... එකිනෙකාට ආදරය ප්‍රකාශ නොකෙරුවෙමි ...
ඔබ මා සමග මෙතෙක් කල්
සිටියේ මගේම අසීමිත කැමැත්ත නිසා නොව.... ඔබෙත් මා කෙරෙහි යම් කැමැත්තක් තිබුණු නිසාවෙනි....
මම සාමාන්‍ය යුවතියක්
නොවන බව සැබෑය... මා ඒ අසාමාන්‍ය බවෙන් මිදීමට බොහෝ දුක් විදි බව ඔබ දනිමි.... ඒ හැම දුකක්ම
මා වින්දේ ඔබ නිසාම යයි මා නොකියමි...
එහෙත් ඔබ අයිති කර
ගැනීමට මම සටන් කෙරුවෙමි. මම දැන් එහි උපරිමයට දක්වා පැමිණ ඇත.
මගේ රෝගයත් ඒ හා බැදුණු
මගේ ජීවිතය මටත් වඩා ඔබ දන්නා බව මම දනිමි.... ඒ නිසා මා ඒ ගැන මුකුත් නොකියමි....
මා සමග සුමුදු මාවතක ඇවිද යාමට බැරි බව අප දෙදෙනාම දනිමි. ඔබට බොහෝ පරිත්‍යාගයන්
කිරීමට සිදුවනු ඇත....
ජීවිතය දිහා බොහෝ
සැහැලුවෙන් බලා ජිවිතයේ ඉතිරි කාලය තනිව ජිවත් වීමට සිතා සිටි මට,
ඔබ නිසා මා විසින්ම මට දාගත්
නීති රීති කඩා බිඳ දැමීමට සිදුවූ මට
ඔබ ලබා ගැනීමට මට තව
දුරටත් සටන් කල නොහැක.
මම ඔබ අයිති කර ගැනීමේ
වේදනාවෙන් පෙළෙමි....ඔබ නිසා ඇතිවන සිතුවිලි මට තව දුරටත් මැරිය නොහැක...
වේදනාව නැති කල හැක්කේ ඔබට පමණි ....
මාව මෙලෙසින්ම බාර ගන්න
නැතිනම් ඔබ යන්න මගේ ජිවිතයෙන්....
(මෙය වේදනාවෙන් උපන්
සිතුවිලක් බැවින් අත්සනක් නොදරයි....)
I’m writing this letter to you because I will never be able to put my feelings in
to words in front of you.
Our meeting was never planned….
But we met …. For a reason or not… it’s our
destiny
You know I changed a lot for you…. It’s my
misfortune if you didn’t notice it.
We used to understand each other without many
words.
We never went beyond limits of our friendship…
we were so careful.
We were not bonded with promises….we never
express love for each other.
You stayed with me not just because I like you…
believe you also had a liking for me.
I ‘m not an ordinary girl…I was looking extra
ordinary and I suffered a lot to be near normal… I don’t say that I did it
simply for you.
But I fought to make you mine. I fought to the
maximum I can….
You know all the complications connected with
my aliment ….lot more than me…. So I need not to explain. The road will be
rough n tuff if you walk with me. You will have to do lot of sacrifices.
I took life events so lightly and was planning
all my life to be single.
I became my own rule breaker just because of
you
I can’t fight more to make you mine
I’m
going through a pain to make you mine…. I just can’t keep on killing my feelings anymore
It’s only you, who can ease my pain
Accept me as I am or Walk away from my life.
(This is a pain generated letter and carries no
signature…..)
එක්තරා ප්‍රසිද්ධ ජෝතිර්වෙදියෙක් ... ඕනෑම කාර්යයකක් කිරීමට සුබයි කියූ හෝරාවක මම මේ ලිපිය දේවකට තැපැල් කළෙමි.
( සැමකලිහිම මෙවැනි මෝඩයෝ සිටිති. එහෙම
නේද?..... ආදරය දිනාගැනීම එහි අඩංගු
නොවන්නට ඇත.)
දෙදිනකට පසු දේවකගෙන් මට
ඇමතුමක් ලැබුණි...
Hi අමා
Hi wrong number
මම හිතුවා මට බනියි
කියලා..... ඔය මම ඔහොම දෙයක් කලාමයි දේවකට කියන්නේ නැතුව...
කිසි වෙනසක් නැහැ....
වෙනදා වගේම කතාකරනවා..
මට බයත් හිතුනා දේවක
නැතුව අම්මා ලියුම ගත්තද කියලා....
ඉවසලා ඉවසලා බැරිම තැන මමම ඇහැව්වා දේවකගෙන් ....ලියුමක් එව්වා හම්බවුනාද කියලා...
හම් ...කියලා දේවක නිහඬ
වුනා......
අපි දෙන්න කතා නොකර
කෙතරම් වෙලාවක් හිටියද කියලා මට මතක නැහැ....
දේවකගෙන් ඇහැවනම්
කියයි.... ඒත් අපි පත්වෙලා හිටිය තත්වය නිසා එක ගැන කියන්න දන්නේ නැහැ.
නිහඬ බව බින්දේ මම....
ඇයි දේවක් ඔයා මගේ
ජීවිතේට ආවේ..... මට ඔයාව නැති කර ගන්න බැහැ...
දවසින් දවස යනකොට මටත්
ඔයාට යන්න දෙන්න බැරි විදියට ඔයා ගැන ලෝබකමක් ඇතිවුණා අමා.
ඔයාට දැනුනේ නැද්ද මම
ඔයාට ආදරේ කරනවා කියලා දේවක
මමත් ඔයාට ආදරේ කලා එත්
ඔයාගේ ආදරේ නොතේරුණ විදියට මම ඉන්න පුරුදු වුනා....
ඇයි ඒ ඇයි ....
කියන්න..... ඇයි මට යන්න දුන්නේ නැත්තේ.... ඇයි ඔයාට බැරි
දේවක නිහඩයි. මම කියන බොහෝ දේ අහගෙන හිටියා.
ඔයාගේ අම්මා මට අකමැති
වෙයි කියලද....
නැහැ අමා.... නැහැ.....
ඒත් මගෙන් අහන්න එපා... මට ඔයාට ඒක කියන්න බැහැ.
ඔයාට කියන්න බැරි දෙයක්
මම ඔයාට කියන්න කියලා ඉල්ලන්නේ නැහැ දේවක..
ඒත් මගේ පැත්තෙන්
බලන්න.... අම්මා හැමදාම අහනවා අපි දෙන්නා තීරණයකට ආවේ නැද්ද කියලා..
ඒ හැරත් ඔයා දන්නවා
මාව... මම කැමති නැහැ මෙහෙම කතා බස් වලට .... මම තනියෙන් ඉන්න පුරුදු වුන
කෙනෙක්..... ආදරය විවාහයකින්ම කෙළවර වෙන්න ඕනේ කියලා හිතන සම්ප්‍රදායික කෙල්ලෙක්
මම.
එකමයි මම කිසිම
කොල්ලෙක්ව ළගින් ආශ්‍රය කලේ නැත්තේ....
ගොඩක් අය සම්බන්දකම් පටන් ගන්නේ බදින්නම නෙවෙයිනේ.... අවස්ථාවට.....
I’m a conventional woman when it comes to love
and marriage... I can’t go on like this …for how long….what is
the purpose ….
You should get married you are
getting old … මගේ පැත්තෙන් මට මීට වඩා කිසිම දෙයක් කරන්න බැහැ
ඔයා තීරණය කරන්න.... ඔයා බදින්නේ මාවද ...වෙන කවුරු හරිද
අමා ඔයාව බැඳලා මට
සාමාන්‍ය ජිවිතයක් ගෙනියන්න පුලුවනම් මම ඔයාව බඳිනවා...
එත් එහෙම බැරිවෙයි...
Ok
Devaka…. Will stop this…… මම ඔයාට ආදරෙය, but I will
let you go…
Ama are you crying?
No I’m not….. I’m not….
“දිල් කෙයා
කරේ”..... අපි දෙන්නම බලලා තියන අපි කතාවුන හින්දි ෆිල්ම් එකක නමක් කියලා මම
හිනා වුනා
“දිල් කෙයා
කරේ”..... දේවකත් එහා පැත්තෙන් කියනවා
ඉතින් අපි ආය කතා කරන්නේ නැහැ...
ඔව්...ඔයා කැමති
නැහැනේ....
කැමති නැහැ නෙවෙයි දේවක
.....අපි දෙන්නා තව දුරටත් කතා කරලා වැඩක් නැහැ.
මම ඉන්නකම් ඔයා වෙන කෙනෙක් හොයා ගන්න එකක්
නැහැ....
මාත් එහෙම වෙයි....
ඔයාට මාව මතක් වෙයි අමා..... මැරෙන මොහොතේ
හරි මතක් වෙයි...
වැඩක් නැහැ ඔයාව මැරෙන මොහොතේ
මතක් වෙලා ජිවිත කාලෙම නැතුව ඉදල...
මට ඊට වඩා දේවක එක්ක කතා
කරන්න බැහැ කියලා හිතුනා.....මට මාව පාලනය කිරීමේ සීමාව නැති වෙනවා වගේ දැනුනා...
දේවක .... මම අවසන් වරට
ඔහුට ඇහෙන්නට ඔහුගේ නම ඇමතුවෙමි
yes අමා..... අවසන් වරට ඔහු මගේ නම ඇමතුවේය
අපි තියමු...
Ok ….
මට එහා පැත්තෙන් දේවක
රිසිවරය තියන ශබ්දය ඇසෙද්දී
අනේ ....තියන්න එපා අනේ තියන්න එපා කියලා
මුළු ලෝකෙට ඇහෙන්න කැ
ගහල දේවකට කියන්න හිතුනා...
I had million reasons to keep him with me
But my love for him was strong enough to let
him go….
Angel……. Reality of Life
මම කෙතරම් වෙලාවක් ඒ
ඉරියව්වෙන් සිටියාදැයි මට මතක නැත.....
මෙය සිහිනයක් නොවන බවනම්
මට පසක් වුණි. මට හඬන්නට අවැසි නැත. මගේ කඳුළු මගේ අම්මාව දවා හළු කරනු
ඇත. එදින සතියේ දිනයක් වූ බැවින්
හෙට වැඩට යා යුතුය...
හෙටක් තියේවිද මට?....
මගේ පියවි සිහිය අඩු බව
මට දැනිණි..... I felt dazed.
නින්ද මා කරා එනතුරු මා
මුළු රැයම නිධි වර්ජිතව සිටියෙමි.
මම හැඩුවේ නම් නැත.
හඬන්නට ගත්තානම් සියල්ලෝම හඩනු ඇත.
එදා උදේ අම්මට මම අවම
වශයෙන් මුහුණ දුනි.... දේවකගෙ call එක සාමාන්‍ය එකක් ලෙස හැසුරුනෙමි.
මගේ ලොව දෙකඩ
වුණි.....මා බාහිර ලෝකයේදී යන්ත්‍රයක් ලෙස වැඩ කරන්නට පුරුදු වුනෙමි.
මගේම ලෝකය එන්නට මම
හොදටම බිය වීමි.
මගේ අලුත් ඔෆිස් එක ඒයට
කියාපු තැන විය.... කිසි කෙනෙකු මගේ සැබෑ සවරුපය නොදනී.
මම සිනහවෙන් පමණක් සංග්‍රහ කරන නිහඩ චරිතයක් බව ඔවුන් සිතන්නට ඇත. මම කතා
පෙට්ටියක් බවනම් නිකමටවත් නොසිතන්නට ඇත.
ගෙදර සිට විනාඩි පහක
ඇවිදින දුර වුවද මා උදේ හතට ඔෆිස් එකට ගොස් රැ හත , හතහ මාර වෙනතුරු වැඩ කළෙමි.
ගෙදර ආවිට මට ඉතුරු වුයේ
බොහෝ ටික කාලයකි.... මම අම්මට ඔෆිස් වැඩ අමාරු බව කීවෙමි.
මගේ ජීවයෙන් පලා ගිය
මුහුණ එය බවට ඇය සිතන්නට ඇත.... අම්මා
කවදත් මගේ හොදම මිතුරියයි.... එත් මගේ කඩා වැටීම ඇයට කිව නොහැක.... ඒ ඈ මවක් නිසා.
ඇයගේ හරස් ප්‍රශ්න වලින්
ගැලවී පලා යාහැකි මොහොතක් මම තෝරා ගෙන
මට ඇගේ මුහුණ දෙස බලා
කතාකිරීමට තරම් ශක්තිමත් වූ විට ...බොහොම ඉක්මනින් දේවකත් මමත් වෙන් වූ බව ඇයට
කීවෙමි...
මට මගේ දුක කියන්නට
කිසිවෙකු මෙලොව නොවීය...කීවත් වැඩක් නැත...
කවිතා ඇයගේ දරුවාගේ උපතත් සමග බොහෝ
කාර්යබහුල වී සිටියාය..
කවදත් මගේ පුරද්ද වුනේ
මගේ ප්‍රශ්නය විසදුමක් දිය හැකි කෙනෙකුට කීමය.... මගේ බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු
සපයන්නා අම්මාය...
ඇයට අසරණ වනු විනා මෙයට දියහැකි පිළිතුරක් නැති බව මම දනිමි.
මට මාව දකින වාරයක් පාසා
ඔහුව මතක් විය.... අලුත් ඇදුමක් ඇදීමත් දුකක් විය...
ඔෆිස් එකට එන බොහෝ අය
ඔහු ලෙස පෙනුනි.
ඔහු කීයා දුන් time management, multi tasking…. මම ක්‍රියාවට
යොදවන්නට විය.
මම මට දැරිය හැකි පීඩනයේ
උපරිමයට පැමිණි ඇති බව මට දැනුණා
මම ප්‍රධාන ශාකාවට නැවත
මාරුවක් ගතිමි.
I took none from home to office but brought
office to home. It prevented me being myself.
I used to forget rest of the world when I’m in
office.
I found lot of potentials in me…. I was
mastering my field…
රෝහලක් ....මාළු
ටැංකියක්.... racing bike ,එකී මෙකි නොකී එකක්
හැමදේකම මතකයේ දේවක සිටියා.
මට මගේ ෆෝන් එක එපාවිය.
සෙනග රැස් වී සිටින තැනක
දේවක සොයන්නට මගේ නෙත් වෙහෙසුණි.
අම්මා මට සැනසීමේ ඉන්නට
දුන්නේ බොහෝ ටික කාලෙකි.... ඇය මට විවාහ යෝජනා ගෙන ආවා.
මම ඇයගෙන් ටික කලක්
ඉල්ලුවෙමි.
මා දේවකත් මාත් වෙනුවෙන්
පළමු වරට හැඬුවේ.. ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් ගිය අවස්ථාවකය. මම හෝටලයේ තනි කාමරයක්
ඉල්ලුවෙමි... මා පළමු දින මුළු රෑම රිසිසේ හැඬු වෙමි....මගේ කදුළු හිදෙන තුරු හැඬුවෙමි.
මා ආදරනීයන් වෙනුවෙන්
ජිවත් විය යුතුය. දේවක ඔබ යන්න මගේ මතකෙන්....
ඔබ ගියාම දුක මට දී
සිත දරාගන්න නොහැකි
ටජ්මහල් සිහින ඉහිරී
සිත අනාත වී සරති......
ඔබ ගියාම දුක මට දී
හිරු හදිස්සියන් මියැදී
ලොව සැනින් අදුරේ
ගිලුණි
හිරු උමතු දුකින්
දැවුනි හිරු උමතු දුකින් දැවුනි ......
ඔබ ගියාම දුක මට දී ඔබ
ගීයා කියා නොසිතේ
ඔබ ගැනම සිහින පුරමි
දුක තුලද ඔබව දකිමි
.....
ඔය අතර දිනක් මගේ cousin මල්ලි දේවක් පිළිබද ආරංචියක් ගෙනාවා. ඒ රෝහලේ
දේශනයක් කිරීමට දේවක ආ බවත් මල්ලි දුටු වහාම දේශණය නවතා ඔහු සැනින් ගිය
බවත්....
මල්ලිගේ වචන වලින්ම
කිව්වොත්....
අක්කේ දේවක අයියා දේශණය
පටන් ගත්තා.... විනාඩි පහකින් විතර මාව දැක්කේ.... මං දිහා විනාඩියක් වගේ බලන් ඉදල
එයා ඇතුලට ගියා. ආය මුළු දවසටම මම එයාව
දැක්කේ නැහැ. වෙන කෙනෙක් ඇවිත් දේශණය කලා
Akki I have seen people with
sorrowful faces but I will not forget his face for my entire life… for a while I thought he will faint. He gave look as if I was the last thing he
wants to see in this world”
මට මුකුත් හිතා ගන්න
බැරිවුණා.... ඇයි ? ඇයි දේවක එහෙම කරේ.... මම කවදාවත් එයාගේ නිදහසට බාදා කලේ නැහැ.
මගේ මල්ලි එතන සිටීම අහඹු සිදුවීමක්....
මුළු ලොවටම හොරෙන් මම
මගේ කඩාවැටීම විද ගත්තෙමි....
දේවකගෙන් මා ඉගෙන ගත් බොහෝ දේ මා සතුව ඇති බව මට වැටහුණි.... මා ඔහුගෙන් ලද
පන්නරයෙන්ම ඔහුගෙන් ගැලවෙමි
දේවකව අමතක කල නොහැකි බව
මගේ හදවත කිවත් මගේ හිත එයට සුදානම් වුනා.
ප්‍රශ්නෙත් පිළිතුරත්
දෙකම මා සතු විය.
මම මට කතා කෙරුවෙමි.
දේවක මගේ ලෝකයට පැමිණීමට
පෙරත් පසුත් මම සන්සන්ධනය කළෙමි.
දේවක මට දුන් දේවල් මිස
මගෙන් රැගෙන ගිය දෙයක් නොමැත.... රැගෙන ගියානම් එක් දෙයකි...
ඒ මා සගවා සිටි ආදරේ
පමණි...
එය සාධාරණ ගනුදෙනුවක්.....
මට දේවකගේ වැරද්දක්
කොතනකවත් නොපෙනුණි. මගේ හිතේ ඇදුණු රුව එලිසින්ම දිස්වුනි.
මා දේවකගෙන් වෙන්ව මාස
හයකට කිට්ටු වුණි.... කාලය ගියත් ඔහු
එලෙසම මා තුල ජිවත් විය.
හැම කතාවකටම දෙපැතක් නොව
තුන් පැත්තක් ඇත..
My side, his side and the most correct side…. May
be a blend of both sides.
මගෙන්
මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට
ළංව දුක බෙදා ගන්න බැරි කම දුකකී
මගේ
අම්මගේ අසනීපයක් සදහා මට දේවක වැඩ කල රෝහලට යාමට සිදුවිය... මට විකල්පයක් නොවීය...මක්නිසාද මා අම්මා වෙනුවෙන් channel කල දොස්තර, ඔහුගේ වාට්ටුවට අම්මව රැගෙන එන ලෙස කී
නිසා. ඒ දේවකගේ බොස් විය.... දේවකත් එම වාට්ටුවෙමය.
මට
කොහෙත්ම දේවකට කරදර කල නොහැක.... ඒත් මගේ මල්ලි දැක ඔහුගේ සිදුවූ වෙනස් වීම මට මතක
තිබුණි...
මම ඔහුට
දාන්වනවා මගේ පැමිණීම...එවිට ඔහු සුදුසු තීරණයක් ගනියි.
මම ඔහුට කෙටි පණිවිඩයක් යැව්වුවෙමි.
Dear Devaka,
I will be coming with amma to meet your boss this Thursday..
Just don’t want to trouble you in anyway…
Informed you so that you can… do necessary changes.
Thanks
Ama
මගේ
පණිවිඩය pending ලෙසම තිබුණි.....
මා
ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුවෙමි . එය ක්‍රියා විරහිතය.
ඔහුගේ excusive number එකට
රැ ගත්තෙමි... රින්ග්ස් යනවා පමණකි.
දේවක
වෙනස්වී නැත. ඒ විදියමයි.
I had only two ways to reach him… one is to call on his
mothers number. So I did so
බොහෝ
වෙලාවක් දුරකථනය නාද විය.... අවසානයේ....
දේවකගේ අම්මායයි මා සිතු ගැහැණු කෙනෙක් කතා කලාය.
hello Doctor Devaka please
එහා
පැත්තෙන් බොහොම හෙමින් හඩක් ඇසුණි.
මා නැවත
can I speak to Doctor Devaka
එහා
පැත්තෙන් ඇසෙන හඩට මම හොදින් කන් දුනි...
He is no more…. පුතා
නැතිවෙලා මාස දෙකක් වෙනවා.
මට ඒ හඩ
හොදින් ඇසුණි ....මගේ දෙසවන් තුලින් ඇතුල් වූ ඒ හඩ හදවත දක්වාම කිදා බැස්සාය.
“ ඔබ
ගේ රැලි මාලා සහ මහා තරංග සියල්ලක් ම මා
ඉහලින් ගලා ඇත”
“ මට
ඔහු නැතිවිය ...නැතිම නැතිවිය” (මට ඇට මැස්සා මතක් විය)
මා
සිරකර සිටි සියලුදේ බිදිගියාක් මෙන් මම අම්මා ගාවට ගොස් ඇඬුවෙමි. අප දෙදෙනාම බොහෝ වෙලාවක් එක්ව හැඬුවෙමි.
සියලු
දේ නැවත නැවතත් හරියට පසක් වූ පසු ...මම දේවක ඉතාම හදිස්සියකට කතා කරන්න
යාලුවෙක්ගෙ නොම්මරයක් දී තිබුණි.
එකත්
දේවක කිවේ කවදාහරි ඔයා චින්තකට කතාකරනවානම් self introduction එකක්
දීලා කතා කරන්න. එයා ඔයගැන දන්නේ නැහැ.
මම
චින්තකට ඇමතුවෙමි.... මම ඔහුට මගේ හැදින්වීම කරන්න හැදුවත් ඔහු මා හදුනා ගත්තේය.
අමන්දා
ගොඩක් latter stage එකේදී දේවක මට ඔයා ගැන කිව්වා. ඔය කතා
කලොත් ඇර කිසිම දෙයක් කියන්න එපා කියලා මාව පොරොන්දු කරවගත්තා.
“ Don’t disturb her. Let her go on with her life. She has enough and more
reasons to be happy
even I’m not in her life”
දේවකට හොයා ගන්නකොටම third stage brain
malignance එකක් තිබ්බා.
මිනිහා
මාර fight එකක් දුන්නා... මං හිතන්නේ එක සැරයක් ඔයාවත් බලන්න අවා ... Brain surgery එකකට
පස්සේ. මට එදා කියලා ගියේ මම අමාව ආය බලන්න යන්නේ නැහැ.. කෙල්ල අහන හරස් ප්‍රශ්න
කෝටියයි.
කොන්ඩේ
කැපීම පිළිබද දේවක පැවසු දෙවන බොරුව මට මතක් විය.
දුක්
වෙන්න එපා අමා දේවක සතියක් දුක් විදින්න
ඇති.... May be his death was painful but he was at peace.
චින්තක
තව බොහෝ දේ කිවත් ඉන් මට මතක එපමණයි.
වටෙන
විට නැගිටින්න මම දැන සිටියෙමි.
මට ඔහු හැර සියල්ල හිමි විය. ඔහුට මා ඇතුළුව සියලු දේ අහිමි විය.
ආදරය ,
විරහව ... සිනහව, කදුල ...හිමි අහිමි වීම් ඇතුළු
බොහෝ දේ දේවක මට උරුම කර දුණි.
සංසාර
සාගරේ අපි දෙදෙනා මෙවැනි වූ විප්පයෝගයන් වලට අනන්තවත් මුහුණ දෙන්නට ඇත. මෙය අපේ
පළමු හමු වීමත් අවසන් වෙන් වීමත් නොවනු ඇත....
මේ අත්මයෙදී එක්ව ඉන්නට අපි දෙදෙන
එක්ව කල පිං මදි විය.
මට ඒ
හමුවූ සොදුරු මිනිසා .... මා ඉදිරියේ කිසිවක් නොවූ ලෙස සිනාසුන ඒ සොදුරු
මිනිසා..... මට එක් දෙයක් පසක් කර දුනි..... ඒ නම් මම මගේ ආදරණීයයන් වෙනුවෙන්
සිනාවෙන් ජිවත් විය යුතු බවය.
When he knew his life was dated, still he smiled….. I will also follow
his footsteps….
ඔහු මට
ජිවත් වන්නට හේතු ඉතිරි කර තිබුණි.....
නැවත මා
මුලටම ඇවිත් බව වැටහුනත්, දේවක නැවත මගේ
නෙත් මානයට කවදාවත් නොඑන බවත්
ඔහුත් මාත් අතර ඇතිවූ මේ සංකීර්ණ බැදීම මම මේ කතාව ලියන විට මතක් වුවා සේ, මා මනසේ
එදාත් මැවෙන්නට විය.
රාස්සිගේ
අව්ව වගේ ඉතාම කෙටි කලකට මගේ ජිවිතයට වසනත්ය පැමිණියේ එළිසිනි.
මා මේ
කතාව ලියන්නට සිත් වුයේ මන්ද.... මා මගේ
සියලු දොමනසයන් අකුරු කර අහසට විසි කෙරුවේ මන්දැයි මමද නොදනිමි...
මම දැන්
බොහෝ නිදහස් මනසකින් අපි දෙදෙනාගේම බැදීම දෙස බලමි... සියලු බැදීම් වල යථා ස්වභාවය
හදුනාගෙන ජිවත් වෙමි....
මට නැති
වෙන්නට දෙයක් නොමැත....... ඒ නිසාම මගේ සිනහව කිසිවෙකුට උදුරා ගත නොහැක.
I thought my love was strong enough to let him go…. I was wrong…. His
love was stronger than mine.
My heart was touched by an Angel
Memories are my best keep safe…. Once they slip from my memory means I
have reached the let go point….. Will you ever get closer to that point…… Yes
soon……
මා
දයාබර දේවක,
ඔබත්
මාත් අතරමග වෙන් නොවීමු..... සැම බැදීමකම අවසානය ඇත...වෙනස
එය අප කරා බොහෝ ඉක්මනින්ම පැමිණීමයි ....
හමු වීම් වෙන් වීම් වල වෙනස ඇත්තේ කාලයේ පමණි. ඒ අතරතුර කාලය අපේ ජීවිතයයි.
මා හොදින් වටහා ගත්මේ සදාතනික සත්‍ය නිසාවෙන්ම දෙපා වාරු ගෙන මම ඔබට සමු දෙමි....
දේවකගේත්
අමන්දාගෙත් මියගිය සෙනෙහසේ කතාව මෙයින් නිමයි.
හිමාෂි ද සිල්වා