Friday, July 31, 2015

“ Our Secret Mute Love”


Nothing left by now
I’m left alone
Still I do
simply loving you
till the very end
that’s all about you and me
our fate is such
you are physically far far away
but  
You live within me
More I see myself each day
More I love you
More I live for you
More I remember you
each step I walk bringing you
back to me
I’m happy that I have a place
to cherish your love
though I cannot proclaim
“ Our Secret Mute Love”
It’s the reason that I live
 with a beautiful smile
true that we are tide separately
it’s just an external fact
I have one final question to
ask from you
Am I to trust that you too love me
in the same way to call it
“ Our Secret Mute Love”
who am I to you?
Please answer…….
(This rebellious mind knows that you will never read this)


සිනාසෙමි නුඹ නමින් මා දිවිය පුරා......


සිනාසෙමි නුඹ නමින් මා දිවිය පුරා......


අහස තරම් ආදරේ කියූ නුඹ
නැහැ
අද මගේ ආදර හිත් අහසේ

මුහුදු රළ මෙන් මා සොයාවිත්
නැහැ අද මගේ ජිවන  වෙරළ ඉමේ

දේදුනක් ලෙස පායා ඇවිදින්
නැහැ අද මගේ නෙත් මානේ

මද පවනක් ලෙස මා ළඟ දැවටී
නැහැ අද මගේ මුදු  හද පහසේ
නුබ දුන් මතකය මගේ දිවිය පුරා
නැහැ අද වනතුරා අතැර ගොසින්

 
වෙන්වී ගියමුත් මගේ ජිවිතයෙන්
නැහැ අද වනතුරු  මා හඬා වැටී




Tuesday, July 28, 2015

මොහොතින් සියල්ල නැති විය ... නැතිම නැති විය.....


මොහොතින් සියල්ල නැති විය ... නැතිම නැති විය.....

දේදුනක් සේ පායා
එකළු කලා ඔබ  මා සිත් අහස
මැකී ගියේ ඇයි ඔබ මොහොතින්....
තරුවක් සේ පායා
දිලුන ඔබ මා නෙත් මානේ
සැගවී ගියේ ඇයිද ඔබ මොහොතින්.....

මද පවනක් සේ හමාවිත්
සුසුම් පොද වී මා දිවි කතරේ
ඉවත ගියේ ඇයිද ඔබ මොහොතින්........

හිරිපොද වැස්සක් සේ දැවටී
අවදි කලා මා සිත් කැළුමන්
නිරුදක කතරක් වුනේ ඇයිද  ඔබ මොහොතින්.....


 වසන්තයක් ලෙස ඇවිදින්
සුවපත් කර මට ජිවයදී
ඒ ජිවය යළි රැගෙන ගියේ ඇයිද ඔබ මොහොතින්.....

Saturday, July 25, 2015

හිමිවූ සියළු දේ අහිමිම වෙවී.....


නිමා නොවූ පෙම් පැතුම් පුරා
සිහින තුරුළු කොට නෙත් පුරා
සිනහ කැන් පිරුණු මුව පුරා
දෙහදක් එක්ව බැඳුණි සිත්පුරා

මනෝ මන්දිර මතින් එදා
මැවු අප පෙම් ලොව සදා
සිහිනයක් නොව මෙදා
මා ළගින් ඔබ ඉන්නදා

අපි අපේ වී බොහෝ කල් ගතවෙලා
වෙන්නව යන්නට  දින පැමිණිලා
පොරොන්දු වෙන්න  මා අත  තබාලා
මා නැතත්ත් ඔබ සතුටින් කියලා

බටහිර අහසේ  දේදුන්නක් පයාවී
මා ඔබෙන් සදහට  වෙන් වී යාවී
මගේ මතකයන් දිනක වියැකී යාවී
හිමිවූ සියළු දේ අහිමිම වෙවී.....

Vicious circle of life


Vicious circle of life
That I am
Entangled
Trapped
Stabbing in the dark
Finding the way out
Venomous desires
Dragging me back
can some one

Help me
Take me out
I screamed
Nobody hears
Unless
Pulling  me further
Just as a sparkle
I felt something
Within me
Soon or later
I will close
The Pandora’s Box….

යටගිය දවසක


මගේ කඳුළු බිදුවේ අයිතිකරු ඔබ
යටගිය දවසක
මගේ සිනහවේ උරුම කරුද විය...

නුහුරු සෙනෙහස කියාදුන් ඔබ
යටගිය දවසක
අහිමි සෙනෙහසක් උරුම කළා....


ජිවිතයේ මගේ එකම අරුත ඔබ
යටගිය දවසක
අරුත් සුන් දිවියක් උරුම කළා....

මගේ ජිවිතයම ඔබේම කිව් ඔබ
යටගිය දවසක
මට හිමි  තනි කම  උරුම  කළා.....

හිරු  වී මගේ දිවි ගමනේ ඔබ
යටගිය දවසක
වැලි  කතරක් මට  උරුම  කළා....

ඔබට  බැදුණු සිත  බිඳ දා  මම
යටගිය දවසක
ඔබේ  මතකයට  සමු  දුන්නා....


මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?




මගේ  කඳුළු කතාවේ සිනා මල් පුපුදන්න
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?

පිණි වැටෙන උදයක නෙතු ළග රැදෙන්න
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?

සොඳුරු රාත්‍රියක සඳ සිසිලෙ සැනසෙන්න
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?

රිදුම් දෙන හදවතට සැනසුමක් වී ඉන්න
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?

හැම නිමේශයකදීම  ආදරය මට දෙන්න
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?


මිය ගිය මගේ ජිවය  නැවත මට දෙන්න
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?

 

හිමි අහිමි


හිමි අහිමි......

මම  දීර්ඝ නිවාඩුවක  මිහිර විදින්නෙමි. හේතුව කුමක් වුවත් මම එය මගේ වාසියට පෙරලා ගන්නෙමි. ඒ මගේ හැටිය. මට අහිමිවූ සහ හිමිවූ බොහෝ දේ හිමි හෝ අහිමි වුයේ මගේ වාසනාවටය.එය මගේ සතුටින් සිටීමේ කලාවයි. රහසයි.

 

එහෙත් මිථිලා  සම්බන්දයෙන් මම කිසි දින එසේ නොසිතු  වෙමි. ඇය ගැන මතකය බොහෝ සිත් වලින් වියැකී ගොස්ව ඇත. නොදනිමි. මිථිලා ආදරය කල හදවත තවම ජීවත්ව සිටියි. ඔහුට ඇයව අමතකවි ඇත්තද?. නොදනිමි.

මගේ නැන්දා කෙනෙකු වන මිථිලා  දකින්නට පෙර මගේ මවගෙන් ඇය ගෙන දැන සිටි මුත් මම  ප්‍රථම වරට මිතිලව දකිනවිට ඇය කෙරෙන්   ප්‍රියමනාප  රූපය පළාගොස් තිබිණ. එහෙත්  තරුණ කල රුමත්ව ඉන්නට ඉන්නට ඇතැයි ප්‍රත්‍යක්ෂ කළෙමි.

මම  මිථිලා සිටි අඳුරු කාමරයට එබෙනවිට ඇය බලාගත් වනම බලා සිටියාය. ලොකු අම්මා, ඇය පොඩි දරුවන්ට කැමති බව කියනු අසා ඇති බැවින් මම මිථිලා නැන්දා අසළට ගියෙමි.බොහෝ වෙලාවක් මගේ පැමිණීම හැගුනු බවක් නොපෙන්වූ ඇය, එකවරම මා බදා ගත්තාය. මට  හැඬිණි. සැවොම සිතුවේ මා බියට හැඬු බවය. නැත. මා හැඩුවේ ඇයගේ අතීත අහිමි ආදරය හිතට ආ බැවිණි.  මෙලෙස මම 12ක් වැනි පුංචි කෙල්ලකව සිටියදීත් ආදරය වෙනුවෙන් හැඩුවෙමි. හය හතර නොදත් සිගිත්තියකව සිටියදීත් ආදරයට ආදරය කළෙමි. අහිමි වූ සංසාරගත ආදරයක් මටද තියෙනට ඇත. මම ඇය දෙවන වරට කිසිදින නොදුටුවෙමි.

ජිවිතයේ එක්වරක් දුටු ඇය වෙනුවෙනි මේ සටහන......

ඇය නමින් මිථිලා මාලතී මාරසිංහ විය. (MMM). වාසනාව දෝතින් දරා මෙලොවට පැමිණි  සොහොයුරන් පස් දෙනෙකුගේ එකම නැගණිය වුවාය. උගත් බුද්ධිමත් මවුපිය යුවලකගේ සුරතලිය වුවාය... අධ්‍යාපනය අවසන විශ්ව විද්‍යාලයට ඇතුලත්ව  Colombo Medical faculty batch queen  ද වුවාය. මිථිලා ද නව  යොවුන් ප්‍රේමයට හිමිකම් කීවාය... ඇය වස්සානයකට උරුම කම් කීවාය.

උගත් රූමත් මනාලියක් දොස්තර කෙනෙකුට......  මට ඒ වෙළද දැන්වීම මතක් විය.

මිනිසුන් උගත් බුද්ධිමත් වුවද ආදරය හමුවේ බොළද වෙති ....නපුරුද වෙති.....ඇයද  තමා ආදරණීය දෙමාපියන්ගේද , සහෝදරයන්ගේද දරදඬු හිත් වලට හසු විය. සමාජ සම්මතයන් හමුවේ  මිථිලා ආදරය කල පෙම්වතා පවුලට නොගැළපෙන බව තීරණය විය. ඇයට ඔහු අහිමි විය.... 

සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුණි පියතුමණි කරුණාව පාලා

මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එක සේ දරා මං
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්

රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේ නම්
හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්

 

වසර ගණනාවක් මානසික රෝහලේ ගත කොට මා මිථිලා හමු වනවිට, සාමාන්‍ය පරිසරයක සිටිය හැකි තත්වයේ සිටියාය . ඇය ගෙන් මිදුණු මා ඒ කාමරයේම රැදුනි. නැගී සිටි ඇය කොහේදෝ තෙනක සඟවා තිබුන පරණ වූ පත්තර කොලයක් මා අතට දුනි. ඇයත් මාත් පමණක් සිටි ඒ කාමරයේ ඇ මට දුන් කොලයේ දොස්තර කෙනෙක් පිළිබද විස්තරයක් විය. කාමරය මගේ ලොකු අම්මා පැමිණි සෙනින් ඇය එය මගෙන් උදුරා නෙවත සඟවා තැබුවාය.

මිථිලා දැන් මිය ගොස්ය.... මිථිලා පිළිබද මතකයද මියගොස් ඇත. ඇයව අහිමි වූ ඒ දොස්තර ජීවිතේ බොහෝ දේ හිමි කරගන්ට ඇත.... ඔහුට  ඇයව මතකයට නැගෙනවා ඇතිද?

මට මගේ  90ව වයසැති ආච්චි අම්මා මතක් විය. තම 90වෙනි උපන් දිනයට තමා තරුණ කල පෙම්වතාගෙන් දියමන්ති මාලයක් ලද ආදරවන්තිය.

 

ආදරය තරම් මිනිස් සිත වික්‍ෂිප්ත කල සනාතන සිතුවිලක්   මම මිහිපිට  හදුනාගෙන නොමැත. ආදරයේ ස්වභාවය එයයි. මම ආදරයට ආදරය කරමි....... මට ගුණදාස කපුගේ මහත්තයාගේ සින්දුවක් මතක් විය.

ප්‍රේම ආතුරයන් වෙලා ජිවිතේ තනි මංසලේ...........

දිනෙක ඔබ මා අමුත්ත්න්සේ යළිදු හමුවේවි...........