හිමි අහිමි......
මම දීර්ඝ නිවාඩුවක මිහිර විදින්නෙමි. හේතුව කුමක් වුවත් මම එය මගේ
වාසියට පෙරලා ගන්නෙමි. ඒ මගේ හැටිය. මට අහිමිවූ සහ හිමිවූ බොහෝ දේ හිමි හෝ අහිමි
වුයේ මගේ වාසනාවටය.එය මගේ සතුටින් සිටීමේ කලාවයි. රහසයි.
එහෙත් මිථිලා සම්බන්දයෙන් මම කිසි දින එසේ නොසිතු වෙමි. ඇය ගැන මතකය බොහෝ සිත් වලින් වියැකී
ගොස්ව ඇත. නොදනිමි. මිථිලා ආදරය කල හදවත තවම ජීවත්ව සිටියි. ඔහුට ඇයව අමතකවි
ඇත්තද?. නොදනිමි.
මගේ නැන්දා කෙනෙකු වන
මිථිලා දකින්නට පෙර මගේ මවගෙන් ඇය ගෙන දැන
සිටි මුත් මම ප්‍රථම වරට මිතිලව දකිනවිට
ඇය කෙරෙන් ප්‍රියමනාප
රූපය පළාගොස් තිබිණ. එහෙත් තරුණ කල
රුමත්ව ඉන්නට ඉන්නට ඇතැයි ප්‍රත්‍යක්ෂ කළෙමි.
මම මිථිලා සිටි අඳුරු කාමරයට එබෙනවිට ඇය බලාගත්
වනම බලා සිටියාය. ලොකු අම්මා, ඇය පොඩි දරුවන්ට කැමති බව කියනු අසා ඇති බැවින් මම
මිථිලා නැන්දා අසළට ගියෙමි.බොහෝ වෙලාවක් මගේ පැමිණීම හැගුනු බවක් නොපෙන්වූ ඇය, එකවරම
මා බදා ගත්තාය. මට හැඬිණි. සැවොම සිතුවේ
මා බියට හැඬු බවය. නැත. මා හැඩුවේ ඇයගේ අතීත අහිමි ආදරය හිතට ආ බැවිණි. මෙලෙස මම 12ක් වැනි පුංචි කෙල්ලකව
සිටියදීත් ආදරය වෙනුවෙන් හැඩුවෙමි. හය හතර නොදත් සිගිත්තියකව සිටියදීත් ආදරයට ආදරය
කළෙමි. අහිමි වූ සංසාරගත ආදරයක් මටද තියෙනට ඇත. මම ඇය දෙවන වරට කිසිදින
නොදුටුවෙමි.
ජිවිතයේ එක්වරක් දුටු ඇය
වෙනුවෙනි මේ සටහන......
ඇය නමින් මිථිලා මාලතී
මාරසිංහ විය. (MMM). වාසනාව දෝතින් දරා මෙලොවට පැමිණි සොහොයුරන් පස් දෙනෙකුගේ එකම නැගණිය වුවාය. උගත්
බුද්ධිමත් මවුපිය යුවලකගේ සුරතලිය වුවාය... අධ්‍යාපනය අවසන විශ්ව විද්‍යාලයට
ඇතුලත්ව Colombo Medical faculty batch queen ද වුවාය. මිථිලා ද නව යොවුන් ප්‍රේමයට
හිමිකම් කීවාය... ඇය වස්සානයකට උරුම කම් කීවාය.
උගත් රූමත් මනාලියක් දොස්තර
කෙනෙකුට...... මට ඒ වෙළද දැන්වීම මතක්
විය.
මිනිසුන් උගත් බුද්ධිමත්
වුවද ආදරය හමුවේ බොළද වෙති ....නපුරුද වෙති.....ඇයද තමා ආදරණීය දෙමාපියන්ගේද , සහෝදරයන්ගේද දරදඬු හිත්
වලට හසු විය. සමාජ සම්මතයන් හමුවේ මිථිලා
ආදරය කල පෙම්වතා පවුලට නොගැළපෙන බව තීරණය විය. ඇයට ඔහු අහිමි විය....
සුනිල්වන්
නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ
කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ
වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ
මවුණි පියතුමණි කරුණාව පාලා
මට
මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
සතුටයි
දුකයි කඳුල එක සේ දරා මං
සැනසී
සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත
පතා දෙන්න ආසිරි දයාවෙන්
රජ
දහන වැලි කතර වුව උරුම වේ නම්
මට
ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගෙ
ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේ නම්
හද
වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්
වසර ගණනාවක් මානසික
රෝහලේ ගත කොට මා මිථිලා හමු වනවිට, සාමාන්‍ය පරිසරයක සිටිය හැකි තත්වයේ සිටියාය .
ඇය ගෙන් මිදුණු මා ඒ කාමරයේම රැදුනි. නැගී සිටි ඇය කොහේදෝ තෙනක සඟවා තිබුන පරණ වූ
පත්තර කොලයක් මා අතට දුනි. ඇයත් මාත් පමණක් සිටි ඒ කාමරයේ ඇ මට දුන් කොලයේ දොස්තර
කෙනෙක් පිළිබද විස්තරයක් විය. කාමරය මගේ ලොකු අම්මා පැමිණි සෙනින් ඇය එය මගෙන්
උදුරා නෙවත සඟවා තැබුවාය.
මිථිලා දැන් මිය
ගොස්ය.... මිථිලා පිළිබද මතකයද මියගොස් ඇත. ඇයව අහිමි වූ ඒ දොස්තර ජීවිතේ බොහෝ දේ
හිමි කරගන්ට ඇත.... ඔහුට ඇයව මතකයට
නැගෙනවා ඇතිද?
මට මගේ 90ව වයසැති ආච්චි අම්මා මතක් විය. තම 90වෙනි
උපන් දිනයට තමා තරුණ කල පෙම්වතාගෙන් දියමන්ති මාලයක් ලද ආදරවන්තිය.
ආදරය තරම් මිනිස් සිත
වික්‍ෂිප්ත කල සනාතන සිතුවිලක් මම
මිහිපිට හදුනාගෙන නොමැත. ආදරයේ ස්වභාවය
එයයි. මම ආදරයට ආදරය කරමි....... මට ගුණදාස කපුගේ මහත්තයාගේ සින්දුවක් මතක් විය.
ප්‍රේම ආතුරයන් වෙලා
ජිවිතේ තනි මංසලේ...........
දිනෙක ඔබ මා අමුත්ත්න්සේ
යළිදු හමුවේවි...........