Sunday, August 16, 2015

කඳුළු සඟවා සිනහවකින්....



අහන්නට ඔබේ කට හඬ
හිතෙයි මට නිරතුරු
ඉන්නම් සවන් වසා
ඔබ නැති මේ ජිවිතේ.....

ඔබ පෙනෙන මානයෙන්
ඔබ නොදක යන හැම වාරයේ
ඉන්නම් දෙනෙත් පියවෙන තුරා
ඔබ නැති මේ ජිවිතේ.....

තනිය පමණයි හිමි ලොවේ
දෙනෝ දාහක් සිටියදී
ඉන්නම් තනිකමට හුරුවී
ඔබ නැති මේ ජිවිතේ.....

නෙතින් ගලනා කඳුළු පිසදා
සිනා පිරි මුව අගින්
ඉන්නම් මා සැමදා
ඔබ නැති මේ ජිවිතේ.....

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. තනිවයි උපන්නේ තනිවම යනවාය
    තනිකම කියන්නේ සැපයකි හැමදාට ^o^

    ReplyDelete