අනන්තයටත් එහා
පුංචිම පුංචි ලෝකයක
හමු වන්නට කවදා හෝ දිනෙක
පෙරුම් පුරමු අපි දෙන්නා
පුංචිම පුංචි ලෝකයක
හමු වන්නට කවදා හෝ දිනෙක
පෙරුම් පුරමු අපි දෙන්නා
සිතේ සිරවී තිබුණු
දහසක් ආදර සිතුවිළි
කියමු අපි දෙදෙන
සැමදා තුරුලේහිම හිඳ
හිරු සඳු තනි නොකර
අපි දෙන්නා ළගින් ඉමු
තරු නෙත් වලින් සැඟවී
නිල් දිය රටා සිත්තම් කරමු
ගල් කුල නිවස කර
මල් වැල් වලින් සරසමුද
සා ගිනි නිවන්නට
පළතුරු සොයන් ඇවිදිමුද
සුරගන ලොවේ අපි දෙන්නා
විතරක් ඉදීමු
තනියට හා මුව පොව්වන්
සමගින් මිතුරු වෙමු
නොහිම් ආදරය අපි බෙදා ගමු
සිහිනෙන්වත් කිසිදා වෙන් නොවෙමු
අපට අපිව අහිමි වූ ඒ ලොව අතැර
මෙලොව තුල අපි රන් කිරුළුලමු
දහසක් ආදර සිතුවිළි
කියමු අපි දෙදෙන
සැමදා තුරුලේහිම හිඳ
හිරු සඳු තනි නොකර
අපි දෙන්නා ළගින් ඉමු
තරු නෙත් වලින් සැඟවී
නිල් දිය රටා සිත්තම් කරමු
මල් වැල් වලින් සරසමුද
සා ගිනි නිවන්නට
පළතුරු සොයන් ඇවිදිමුද
සුරගන ලොවේ අපි දෙන්නා
විතරක් ඉදීමු
තනියට හා මුව පොව්වන්
සමගින් මිතුරු වෙමු
නොහිම් ආදරය අපි බෙදා ගමු
සිහිනෙන්වත් කිසිදා වෙන් නොවෙමු
අපට අපිව අහිමි වූ ඒ ලොව අතැර
මෙලොව තුල අපි රන් කිරුළුලමු

අනන්තයට එහා ලෝකයක් ... කවදා දකින්නද :)
ReplyDelete