මගේ ජිවන කවුළු දොරෙන්
නුඹ පියමන් කෙරුව
රැ තුන යම පෙනෙනා සිහිනෙකවත් නුඹ නැතුව
අඳුරුය සීතලය හද කුටිය මගේ නුඹ තනි කෙරුව
කෙසේ පිය නගිමිද මේ පියගැට පෙළ ඔබ නැතිව
රැ තුන යම පෙනෙනා සිහිනෙකවත් නුඹ නැතුව
අඳුරුය සීතලය හද කුටිය මගේ නුඹ තනි කෙරුව
කෙසේ පිය නගිමිද මේ පියගැට පෙළ ඔබ නැතිව
නුඹ මා හැර ගිය දා සිට
මට දැනෙනා මේ වියෝව
මා මේ ලොව හැර ගිය දිනයක සිදු වේ විද නිමාව
තනිවී සිටි මා සොයාවිත් නුඹ පෑ ආදර කරුණාව
කෙලෙසක සිතන්නද මා වූ හැටි මිරිගුවක සේයාව
දිනයක උදාවෙන නුඹ නැතිනම් මා අසළින් මතුව
බිඳුණු සිහින කදුළක් වී මට රහසින් තනි රැකුව
දක්කිනට ඇත්නම් එකම එක වරක්වත් ඔබේ මුව
මේ ලොව ලබන්නට කිසිවක් නැත මට ඉන්පසුව
හිමාමා මේ ලොව හැර ගිය දිනයක සිදු වේ විද නිමාව
තනිවී සිටි මා සොයාවිත් නුඹ පෑ ආදර කරුණාව
කෙලෙසක සිතන්නද මා වූ හැටි මිරිගුවක සේයාව
දිනයක උදාවෙන නුඹ නැතිනම් මා අසළින් මතුව
බිඳුණු සිහින කදුළක් වී මට රහසින් තනි රැකුව
දක්කිනට ඇත්නම් එකම එක වරක්වත් ඔබේ මුව
මේ ලොව ලබන්නට කිසිවක් නැත මට ඉන්පසුව

No comments:
Post a Comment