Tuesday, July 28, 2015

මොහොතින් සියල්ල නැති විය ... නැතිම නැති විය.....


මොහොතින් සියල්ල නැති විය ... නැතිම නැති විය.....

දේදුනක් සේ පායා
එකළු කලා ඔබ  මා සිත් අහස
මැකී ගියේ ඇයි ඔබ මොහොතින්....
තරුවක් සේ පායා
දිලුන ඔබ මා නෙත් මානේ
සැගවී ගියේ ඇයිද ඔබ මොහොතින්.....

මද පවනක් සේ හමාවිත්
සුසුම් පොද වී මා දිවි කතරේ
ඉවත ගියේ ඇයිද ඔබ මොහොතින්........

හිරිපොද වැස්සක් සේ දැවටී
අවදි කලා මා සිත් කැළුමන්
නිරුදක කතරක් වුනේ ඇයිද  ඔබ මොහොතින්.....


 වසන්තයක් ලෙස ඇවිදින්
සුවපත් කර මට ජිවයදී
ඒ ජිවය යළි රැගෙන ගියේ ඇයිද ඔබ මොහොතින්.....

1 comment: