Saturday, July 25, 2015

හිමිවූ සියළු දේ අහිමිම වෙවී.....


නිමා නොවූ පෙම් පැතුම් පුරා
සිහින තුරුළු කොට නෙත් පුරා
සිනහ කැන් පිරුණු මුව පුරා
දෙහදක් එක්ව බැඳුණි සිත්පුරා

මනෝ මන්දිර මතින් එදා
මැවු අප පෙම් ලොව සදා
සිහිනයක් නොව මෙදා
මා ළගින් ඔබ ඉන්නදා

අපි අපේ වී බොහෝ කල් ගතවෙලා
වෙන්නව යන්නට  දින පැමිණිලා
පොරොන්දු වෙන්න  මා අත  තබාලා
මා නැතත්ත් ඔබ සතුටින් කියලා

බටහිර අහසේ  දේදුන්නක් පයාවී
මා ඔබෙන් සදහට  වෙන් වී යාවී
මගේ මතකයන් දිනක වියැකී යාවී
හිමිවූ සියළු දේ අහිමිම වෙවී.....

1 comment:

  1. ඇති වූ සියළු දේ නැති වෙන මේ ලෝකේ
    හමු වූ කවුරු නම් නවතිද මගෙ ලෝකේ ~

    __එස්බී__

    ReplyDelete